×

ඉදිරියේදී නිපු‍ණතාව මත පම‍ණක් එංගලන්තයට සංක්‍රමණික අවස්ථා

මෙම සංක්‍රමණික ප්‍රතිපත්තිය මත වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් හට වැඩි අවස්ථාවක් උදා වෙනු ඇත


මින් ඉදිරියට සම්භවය හෝ උපත මත නොව නිපුණතාව මත පමණක් සිය රටේ පදිංචියට විදේශිකයන් සඳහා අවස්ථාව ලබා දෙන බව එංගලන්තය ප්‍රකාශ කරයි. ඒ සඳහා ඔවුන් ඊට අදාල සංක්‍රමණික ප්‍රතිපත්ති සකසමින් සිටී. මෙතෙක්  සිය දේශ සීමාවන් තරණය කරමින් රටට ඇතුළු වූ කිසිවෙක් සඳහා මෙන්ම අනෙකුත් ක්‍රමයන් ඔස්සේ රටට ඇතුළු වූ පිරිස සීමා කිරීම මෙහි එක් අරමුණක් වී ඇත. ඉදිරියේදී නිපුණාවෙන් පිරිපුන් විශේෂඥයින් සහ දක්ෂයින් සඳහා පමණක් ඉඩ ප්‍රස්තාව සැළසෙනු ඇති බව එරට ස්වදේශ කටයුතු ලේකම් සජිඩ් ජාවිඩ් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවට බිබිසී මාධ්‍ය පල කර සිටී.


මෙම සංක්‍රමණික ප්‍රතිපත්තිය මත වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් හට වැඩි අවස්ථාවක් උදා වෙනු ඇත.
සිය රට තුළ සේවක වීසා යටතේ සේවය කරන සේවකයන්ගේ අවම වැටුප සම්බන්ධව එරට අමාත්‍යවරුන් අතර කාලයක් තිස්සේ පැවති මතභේදයන්ට මෙය විසදුමක් වනු ඇති බවට බලධාරීන්ගේ මතයයි.  ඔවුන්ගේ මෙම වැඩපිළිවළ මගින් වසරකට විදේස් සංක්‍රමණ 100000 කට වඩා අඩු මට්ටමකට ගෙන ඒමේ පියවරකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි