×

ඔරලෝසුවක් කියා දෙයක් අවශ්‍යම නැති ජනතාවක්?

කෙසේ හෝ දිගු කාලයකට පසු ජනපතිවරයා දෙවියනේ කියා එක් වැඩසටහනකට නිසි වේලාවටම සහභාගී විය.


ජපානයේ ඔලිම්පික් කටයුතු පිළබදව අමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබූ වේලාවට විනාඩි තුනක් ප්‍රමාද වී පැමිණීම පිළිබදව ඔහු ජනතාවගෙන් සමාව ගත යුතුයැයි රජය විසින් ඔහුට බල කෙරෙනු ලැබීය.

ශ්‍රි ලංකාව ආදී රටවල මැති ඇමතිවරුන් ජපානයේ නූපදීම ගැන සතුටු විය යුත්තේ ඒ නිසා ය.කෙසේ වෙතත් ශ්‍රි ලංකාවේ තත්ත්වය එසේ වෙද්දී ඝානාවේ තත්ත්වට ඊටත් වඩා බෙහෝ බරපතල වන්නේය.
ඝානාවේ සෑම කටයුත්තකදීම ජනතාව සිතනවාට වඩා වැඩි කාලයක් පරක්කු වීම පිළිබදව සොයා බැලිය යුතු බවට එරට දැනමුත් පිරිස් විසින් රජයට ඉල්ලීමක් කර තිබිණි. රටේ සියළුම දේශපාලකයන් ඕනෑම කටයුත්තකට ප්‍රමාද වී පැමීණීම පිළබදව ජනතාවගේද එතරම් විරෝධයක් නොවන්නේ ඔවුන්ද සෑම දෙයකටම අසාමාන්‍ය ලෙස ප්‍රමාද වී පැමිණීමත් ආරම්භ කිරීමත් හේතුවෙනි.
ජනපතිවරයා කල් වේලා ඇතිව යමක් සදහා සහභාගී වීම රටටම ආදර්ශයක් දිය හැකි මූලිකම කාරණය බව සිතූ උපදේශකයන් සෑම විටකම කලට වේලාවට හිටපු ජනපති ජෝන් කූෆෝර් කටයුතු සදහා සහභාගී කරවීමට උපරිම උත්සහා කළහ.
කෙසේ හෝ දිගු කාලයකට පසු ජනපතිවරයා දෙවියනේ කියා එක් වැඩසටහනකට නිසි වේලාවටම සහභාගී විය.
නමුත් ඒ බව නොදත් මැති ඇමතිවරු සුපුරුදු පරිදි උත්සවයට සහභාගී වීමේ අපේක්ෂාවෙන් කල් වේලා ගත්තද හිටි හැටියේ ම හිටපු ජනපතිවරයා වේලාවටම දැක ගත හැකිවීම හේතුවෙන් ඔවුන්ටද කලට වේලාවට කෙහේ හෝ සිට පැමිණ සිය අසුන්වල හිද ගන්නට සිදු විය.

බෙහෝ අවස්ථාවල රාජතාන්ත්‍රික වැඩ සටහන් වලදී හෝ රටේ ජාතික වැඩ සටහන් වලදී වෙනත් රටවලින් ඒ සදහා සහභාගීවන්නට නියමිත පිරිස් කලට වේලාවට විත් පැය ගණන් බලා සිටියේ ජනපතිවරයා එන තෙක්ය. ප්‍රමාද වී කටයුතු කරන ජනපතිවරයෙක් සහ නිළධාරීන්ද ජනතාවද සිටින රටක් බවට ඝානාව ලෝක ප්‍රසිද්ධ වූයේ මේතු සමගිනි.
මින් පෙර ඝානාවට විදේශ කටයුතු සම්බන්ධව බෙහෝ දේ අහිමිව තිබිණි. මන්ද වේලාවට වැඩ නොකරන ජනතාවකගෙන් තවත් මොනවා අපේක්ෂා කරමුදැයි සිතූ රාජතාන්ත්‍රිකයෝ බොහෝ විට කලකිරීම් සහිතව ඝානාවෙන් පිටත් වූයේ ඔවුන් ප්‍රමාද ජනතාවක් වූ බැවිනි.

නිළධාරීන්ද සෑඹවිටම ප්‍රකාශ කලේ ජනපතිවරයා වේලාවට නොපැමිණෙන්නේනම් තමන් වේලාවට වැඩ කර ඇති පලය කිමෙක්ද යනුවෙනි.

මේ පුරුද්ද නිසාම හිටපු ජනපතිවරයාගෙන් පසු පැමිණි වත්මන් ජනපති නානා අඩ්ඩෝ ඩන්ක්වා අකුෆෝ අඩ්ඩෝ ගේ වැඩ භාරගැනීමේ උත්සවයද නියමිත වේලාවට පැය ගණනාවක් ප්‍රමාද විය. සමාරම්භක උත්සවයම ප්‍රමාද වී ඇරඹුණු මෙම ප්‍රමාද සංස්කෘතිය ගැන වත්මන් ජනපතිට ඇත්තේ පසුතැවීමකි.
ඔහු සිය සමාරම්භක කථාවේ දී ජනතාවට පෙරොන්දුවක් විය. තමන් නිසි වේලාවටම කටයුතු කරන්නට හැකිතාක් වෙහෙසෙන බව ඔහු ජනතාවට පොරොන්දු විය.
නමුත් රටේ අනෙක් පිරිස තුළ එතරම් ලොකු වෙනසක් දැකිය නොහැකි විය.
කෙසේ හෝ මේ වන විටද රටේ ජනතාව හාත්පසින්ම කටයුතු කරන්නේ අඩුම තරමේ පැයක හෝ ප්‍රමාදයක්ද සහිතවය.

ඔවුන් පවසන පරිදි හිටපු ජනපතිවරුන්ගේ ක්‍රියාකලාප වලට අමතරව ඊට එක් හේතුවක් වී ඇත්තේ රටේ පවතින වාහන තද බදයයි.
සිය රටේ තත්ත්වය ගැන එක් තරුණියක් මෙසේ පවසන්නීය. මෙම ප්‍රමාද වීමේ සංස්කෘතිය නිසා මගේ රටට බෙහෝ දේ අහිමි වී තිබෙනවා. මට ඇදුමක් සති තුනක් ඇතුලත ඇදුමක් මසා ගත යුතු යැයි පවසා ඇදුම් මසන්නෙකුට භාර දුනහොත් එය මාස තුනකින් වත් මට ලැබෙනවා නම් එය මගේ වාසනාවය.

වෙලාවට කිසිවක් ආරම්භ නොකරන ඔවුහු වේලාවට කිසිවක් අවසන්ද නොකරන්නෝය.

ඇත්තෙන්ම ඝානාවේ පුද්ගලයන්ට ඔරලෝසුව යනු අවශ්‍ය නැතිම භාණ්ඩයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි