×

ඊජිප්තුවේ හිටපු ජනපති, අධිකරණයේ දී මියයයි

මොහොමඩ් මෝසි ඊජිප්තුවේ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකින් පත් වූ ප්‍රථම ජනපතිවරයාය


ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මෝසි ට එරෙහිව ඊයේ පැවති නඩු විභාගය අතරතුර ඔහු ජීවිතක්ෂයට පත් විය.

67 හැවිරිදි මෝසි 2013 වසරේදී ධූරයෙන් පහ කෙරුණ අතරතුර එතෙක් පටන් අත්අඩංගුවේ පසු විය.
ඔහුගේ මරණය සම්බන්ධව සාධාරණ මෙන්ම විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අවධාරණය කර සිටී. බලධාරීන් පවසා ඇත්තේ ඔහුගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ බවයි.

මොහොමඩ් මෝසි ඊජිප්තුවේ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකින් පත් වූ ප්‍රථම ජනපතිවරයාය. ඒ 2012 වසරේදීය. නමුත් 2013 වසරේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් ඔහුව ධූරයෙන් පහ කෙරුණේ ඔහුට එරෙහිව පැවති විශාල ජනතා විරෝධතාවකින් අනතුරුවයි.

එතෙක් පටන් ඊජිප්තු පාලකයා වූයේ හමුදා නායක අබ්දුල් ෆටා අල් සිසි ය.
මොසී අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ අනුගාමිකයන් සහ සහායකයින්ද විශාල පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදී, මෝසිගේ මරණය සම්බන්ධව තුරුකි ජනපති ටායිප් එඩෝගාන් ඊජිප්තු පාලනයට චෝදනා කර සිටී.

පලස්තීන ඉස්ලාමීය අන්තවාදී හමාස් සංවිධානය සමග සබදතා පැවැත්වීමේ චෝදනාව සම්බන්ධව ඊයේ මෝසිට එරෙහිව නඩු විභාගය පැවැත්විණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි