එක්සත් ජනපදයේ එළඹෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් නායකත්වය ගෙන සිටින ජෝ බිඩෙන් වත්මන් කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
ජෝ බිඩෙන් ගේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි කොවිඩ්-19 ඇතුළු අනෙක් සියළු ගෝලීය සෞඛ්‍ය ආපදාමය තත්වයන් මැඬලීම සඳහා සාමූහික වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සැලසුමක් ඉදිරිපත් කර තිබේ.
කොවිඩ්-19 පැතිර යාම නිසා ඇතිවන මහජන සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයට ඇමරිකානු ජනතාව මුහුණ දීම සඳහා ශක්තිමත් ප්‍රතිචාරයක් ලැබිය යුතු බව ජෝ බිඩෙන් සඳහන් කරයි.
ඒ අනුව, වෛද්‍ය පරීක්ෂණ නොමිලේ ලබා ගත හැකි පුළුල් වැඩපිළිවෙලක් සහතික කරන මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයක් තිබිය යුතු බවට හෙතෙම අවධාරණය කරයි.
මෙම වැඩපිළිවෙල තුළ, කොවිඩ්-19 වැළැක්වීමේ ප්‍රතිකාර සඳහා වන සියලු පිරිවැය බාධක ඉවත් කළ යුතු බවත්, එන්නත් වැඩිදියුණු කිරීමේ හා පූර්ණ සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනම් කළ යුතු බවත් බිඩෙන් ගේ මතය වේ.
මෙම වසංගත තත්වයෙන් පීඩා විඳින සියළු දෙනා සඳහා හදිසි වැටුප් සහිත නිවාඩු ලබා දී තීරණාත්මක ආර්ථික ප්‍රතිචාරයක් ස්ථාපිත කළ යුතු බවත්, කම්කරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, හා කුඩා ව්‍යාපාර වලට අවශ්‍ය සියළු උපකාර ලබා දිය යුතු බවත්, ඒ සඳහා තමා වටා ඒකරාශී වන ලෙසත් බිඩෙන් ජනතාව ගෙන් ඉල්ලා සිටියි.
මෙකී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළ කිසිදු අත් වැරැද්දක් සිදු නොකළ යුතු බව පවසන බිඩෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කොරෝනා වසංගත තත්වයෙන් කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩනංවා ගැනීම සඳහා ක්ෂණික අභිලාෂකාමී හා ප්‍රගතිශීලී ආර්ථික පියවරයන් අනුගමනය කළ යුතු බවයි.
කළ හැක්කේ කුමක්ද, එය ප්‍රමාදයකින් තොරව සිදු කරන්න..
ජෝ බිඩෙන් එසේ සඳහන් කරයි.
මෙම අභියෝගයට මුහුණ දීම සඳහා අපගේ පවුල්, කුඩා ව්‍යාපාර, හා උදව් කිරීමට ඉදිරිපත් වන සෑම දෙනා රැක ගැනීම අපගේ වගකීමයි.. සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් වලට වඩාත්ම ගොදුරු විය හැකි පුද්ගලයින් හා අනෙත් සියළු ප්‍රජාවන් අප ආරක්ෂා කර ගත යුතුය..
මෙම සැලසුම් හුදෙක් මානුශීය උතුම් අරමුණු බවට සැක නැත.
එහෙත් ගෝලීය වසංගත තත්වයක් අතර මැතිවරණ උණුසුමක් ද හිස ඔසවා තිබෙන ඇමරිකාවේ මෙම අභිලාෂයන් හුදෙක් මැතිවරණ පොරොන්දු ම පමණක් ද යන්න එරට ජනතාව දෙවරක් සිතා බැලිය යුතුය.