×

ජෙරුසලමේ සුනුවිසුණු කිරීමේ උමතුව!

පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


අද (09) දින උදෑසන ඊශ්‍රායලයේ අගනුවර වන ජෙරුසලමේ ෂුඅෆත් ප්‍රදේශයට හදිසියේම පොලිසිය කැඳවා තිබේ. ඒ උමතු අන්දමින් වාහන සුනුවිසුනු කර දැමීමේ පුවතක් ආරංචි වීම මතය.

ප්‍රයිස් ටැග් ප්‍රහාර (Price Tag attacks) නමින් හඳුන්වන යම්කිසි ආගමික හෝ ප්‍රජා කාණ්ඩයක් ඉලක්ක කරගනිමින් සිදුවන මෙම විනාශකාරී ක්‍රියාදාමයන් තුළ බිත්ති වල තර්ජනාත්මක ප්‍රකාශ සටහන් කොට අසල බඩුභාණ්ඩ ආදියට දරුණු අන්දමින් අලාභ හානි කිරීම ඊශ්‍රායලය, පලස්තීනය වැනි රට වල යුදෙව් කණ්ඩායම් අතර සුලභව සිදුවේ.

මෙකී ප්‍රයිස් ටැග් ප්‍රහාරයෙන් වාහන 40ක් පමණ නැවත භාවිතයට ගත නොහැකි පරිදි විනාශ කොට ඇති අතර, අසල ගොඩනැගිලි බිත්තින් වලටද අලාභ හානි සිදුකර ඇති බවට වාර්තා වේ. පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි