×

බ්‍රිතාන්‍ය අගමැති නැවතත් පරදී … පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවයි

එක දිගට පාර්ලිමේන්තුව වෙත ඔහු විසින් ගෙන ආ යෝජනා පරාජය කළ 6 වන අවස්ථාව මෙය වෙයි.



හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා පියවර ගත යුතු බවට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් දෙවන වතාවටත් පාර්ලිමේන්තුට කළ යෝජනාව නැවතති පරාජවය පත්විය.
එක දිගට පාර්ලිමේන්තුව වෙත ඔහු විසින් ගෙන ආ යෝජනා පරාජය කළ 6 වන අවස්ථාව මෙය වෙයි.

හදිසි මැතිවරණයකට යෑම සදහා අගමැතිවරයාට පක්ෂව පාර්ලිමේන්තුවේ ඡන්ද 434ක් අවශ්‍ය වූ අතර එය සියළු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක බලයකි. පාර්ලාමේන්තුවේ සියළු ආසන සංඛ්‍යාව 650ක් වේ. නමුත් මෙවරද සුපුරුදු පරිදි බොරිස් ජොන්සන්ගේ යෝජනාවට ලැබී ඇත්තේ ඡන්ද 293ක් පමණි.

ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට නව අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුවට කළ යෝජනාව මුල්ම වතාවට පරාජය වීමෙන් පසු ඔහුගේ පක්ෂයේම සාමාජිකයන් 21 දෙනෙකු ධූර වලින් ඉවත් කරන ලදී. ඒත් සමග තවත් මන්ත්‍රී වරුන් ඉල්ලා අස්වීමටද පියවර ගන්නා ලදී

ඒ සියළු ක්‍රියාකාරකම් හමුවේ සිය ධූරය භාරගත් දින සිටම බොරිස් ජොන්සන් අගමැතිවරයා විසින් ගෙන ආ සියළු යෝජනාවන් පාර්ලිමේන්තුව තුළ රපරාජයට පත්ව ඇත.

අද සිය සති පහක කාලයක් දක්ව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවා ඇති අතර යළිත් ඔක්තොම්බර් 14 වන දා එය යළි කැදවීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි