×

ඉම්රාන් ඛාන්ගේ තලෙයිබාන් හමුව කල් යයි

තලෙයිබාන් සංවිධානය හමු වී සාකච්ඡා කිරීමට පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ගෙන තිබූ තීරණය ඔහු විසින් වෙනස් කර තිබේ.


සිය ආරක්ෂාව පිළිබඳ ඇෆ්ගන් රජයෙන් ලැබුණු අනතුරු ඇඟවීම්වලට පසු මේ තීරණය ගත් බව ඉම්රාන් ඛාන් අද ප්‍රකාශ කළේය.

‘‘ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයේ සෙවණැලි තවමත් පතිතව තිබෙනවා.‘‘ යැයි ද පැවසූ ඔහු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දීය මහමැතිවරණයට පෙර පාකිස්ථානයේ යම් සිදුවීමක් අළලා නැවත වරක් වාසියක් ගනු ඇතැයි සැකයක් ඔහු තුළ පවතින බව ද ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය.

ඉම්රාන් ඛාන් තලෙයිබාන් කණ්ඩායම හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියේ කවදාද කොතැනකදී ද යන්න හෙළි කළේ ද නැත.

නමුත් විශ්වාස කෙරෙන්නේ තලෙයිබාන් කණ්ඩායමේ සාම සාකච්ඡා සඳහා පැමිණෙන සාමාජිකයන් හට ඇමරිකාව සහ එක්සත් ජාතීන් විසින් පනවා ඇති සංචාරක සම්බාධක ද මෙම සාකච්ඡා සඳහා බාධාවක් වන්නට ඇති බවයි.

මීට පෙර පෙබරවාරි 17 වැනිදා මෙම තලෙයිබාන් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරදී ඉම්රාන් ඛාන් හමුවීමට සූදානම් ව සිටි බව කියැවුණු නමුත් එවර ද එම සාකච්ඡාව පැවැත්වුණේ නැත.

තලෙයිබාන් සංවිධානය, පාකිස්ථානයේ වැදගත් දේශපාලන සංචරකයක් ලෙස සලකන ඉම්රාන් ඛාන්, ඔවුන් සාම මාවතට ගැනීම සඳහා මහත් වෙහෙසක් ගනිමින් සිටියි.

ඉන්දියාවේ යුද උමතුව ගැන ද ඉම්රාන් ඛාන් අද දින නැවත අදහස් දැක්වීය. ඔහු පැවසුවේ ඉන්දීය මහ මැතිවරණය අවසන් වන තෙක් ප්‍රකෝපකාරී සිදුවීම්වලට ඉඩ නොතැබීමට තමන් බෙහෙවින් ප්‍රවේශම් වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි