මහරැජින සහ ඔහුගේ සාඩම්බර දෙමාපියන් වන විලියම් කුමරු සහ කේට් කුමරියගෙන් ඔහුට හිත පුරා තෑගි සහ සුබපැතුම් ලැබුණා.
රජ මාළිගයේ සිරිත ප්‍රකාරව අවුරුදු 8 සම්පූර්ණ වීමේ නිල ඡායාරූපයත් නිකුත් කෙරුණා. මේ ලිපියේ ප්‍රධාන ඡායාරූපයයි, ඒ.
මේ අතරේ බ්‍රිතාන්‍ය මහරැජින, තමන්ගේ වැඩිමල්ම මුණුපුරාට අති විශේෂ උපන්දින තෑග්ගක් යැවූ බවත් වාර්තා වෙනවා.
බ්‍රිතාන්‍ය රජ පවුලේ දරුවන්ගේ 8 වැනි උපන්දිනය අතීතයේ සිටම උත්සවාකාරයෙන් සැමරුණේ විශේෂ හේතුවක් නිසයි. නිල් රුධිරයැති දරුවන් විදිහට හඳුන්වන මේ රාජකීය දරුවන් බොහෝ විට රජ මාළිගයෙන් බැහැරට, ඒ කියන්නෙ නේවාසික පාසල්වලට යැවුණේ අවුරුදු 8 සම්පූර්ණ වීමත් එක්කයි. පසුගියදා සමුගත් පිය කුමාරයා වන පිලිප් වගේම චාල්ස් කුමාරයාත් අවුරුදු 8 ලබද්දී නේවාසික පාසල්වලට ගිය අය. ඉතින් අනාගතයේදී මේ සම්ප්‍රදායට අනුව ජෝර්ජ් කුමාරයාත් නේවාසික පාසලකට යන්නට දැන්මම සූදානම් වෙනවා.
ඒ වගේම උග්‍ර පාපන්දු රසිකයෙක් වන ජෝර්ජ් පුත් කුමාරයාට, පාපන්දු තේමාවකින් යුතු ‘ෆුට්බෝල් කේක්‘ එකක් කපන්න ලෑස්ති කරන්නටත් රජ මාළිගය අමතක කළේ නැහැ.
පහුගිය දවසක යූරෝ 2020 පාපන්දු තරගාවලියෙන් එංගලන්තය පරාජය වන හැටි ජෝර්ජ් කුමාරයා බොහොම දුකින් බලාගෙන හිටිය බවත්, ඒ ගැන විලියම් කුමාරයා එක්කත් කතා කළ බවටත් රාජකීය ආරංචි මාර්ග ඔය අතරේ සඳහන් කරනවා. පාපන්දුවලට බොහොම ඇලුම් කරන විලියම් කුමාරයාත් Aston Villa පාපන්දු සමාජයේ දිගු කාලීන ආධාරකරුවෙක්.
කොහොම වුණත්, ඒ පාපන්දු කේක් එකේ ඡායාරූපයක් නම් තවමත් මාධ්‍යයට නිකුත් කර නැහැ.
වයස අවුරුදු 1 සම්පූර්ණ වූ ප්‍රීතිය
වයස අවුරුදු 3 සම්පූර්ණ වූ ප්‍රීතිය