×

බින් සල්මාන් කුමරු පාකිස්ථාන නායකයන් හමුවෙයි

පාකිස්ථානය සෞදි අරාබිය සමග සබදතා ගොඩ නගා ගැනීමෙන් නව අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි යන්න බොහෝ දෙනෙකුගේ මතයයි.


සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්ථාන සංචාරයක් සදහා සහභාගී වෙමින් සිටී. ඒ කාශ්මීර අර්බුදයත් සමග පාකිස්ථානය ජාත්‍යන්තරව තනි කරන බව ඉන්දියාව අනතුරු අගවමින් සිටින මොහෝතකය.

දින දෙකක කාලයක් පාකිස්ථානයේ රැදී සිටිනු ඇති ඔහු පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ එරට හමුදා ප්‍රධානී කමර් ජාවඩ් හමුවීමට නියමිතව ඇත.

මෙම හමුව පිළබදව ජාත්‍යන්තර විශ්ලේෂකයන් ගේ දැඩි අවධානයට හේතු වී ඇති අතර පාකිස්ථානය සෞදි අරාබිය සමග සබදතා ගොඩ නගා ගැනීමෙන් නව අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතයයි.

මීට ඉහතදී සෞදි අරාබිය පාකිස්ථානයට ඩොලර් බිලියන 3ක මූල්‍යාධාර ලබා දෙන ලදී ඒ ඩොලර් බිලියන 3ක ණයක් සහ ඩෝලර් බිලියන 3ක් ඉන්ධන සදහා ආධාරයක්ද සමගිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි