×

විලියම් කුමරුට අභියෝගයක් වෙමින් ලොව සරාගීම තට්ට මිනිසා ගේ කිරුළ “Vin Diesel” ට!

පංචකල්‍යාණයෙන් එකක් වන කොණ්ඩයට අභියෝග කරමින් තට්ට ඉදිරියට ආ මොහොතක් මෙසේ නිම විය.


1967 ජූලි මස 18 වන දින උපත ලද මාර්ක් සින්ක්ලෙයාර් එහෙමත් නැතිනම් වෘත්තීයමය වශයෙන් වින් ඩීසල් ලෙස හැඳින්වෙන මොහු සුප්‍රසිද්ධ ඇමරිකානු රංගන ශිල්පියෙකි. ලොව වැඩිම ආදායමක් උපයාගත් නළුවන් අතර මොහු ද වේ. ඩීසල් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ (Fast & Furious franchise) හි ඩොමිනික් (Dominic Toretto) ලෙස රඟපෑමෙන් ය.

කෙසේ වෙතත් ලොව සරාගීම තට්ටය සහිත මිනිසාට ලැබෙන කිරුළ මේ පාර දිනාගැනීමට සමත්වූයේ වින් ඩීසල් වීම විශේෂත්වය කි. ඔහු මෙය ලබා ගෙන ඇත්තේ එක්සත් ‍රාජධානියේ ඔටුන්න හිමි කුමරුවන්ට ද අභියෝගයක් වෙමින් ය.

ලොව ප්‍රමුඛ පෙළේ සෙවුම් යාන්ත්‍රණ ප්‍රශස්තකරණ සමාගමක් වන Reboot සමාගම විසින් මෙම තේරීම් සිදු කිරීමේ දී ඔවුන්ගේ මුහුණේ ස්වභාවය, තට්ටයේ දිලිසීම සහ ප්‍රමාණය, උස, ඔවුන්ට හිමි ශුද්ධ වටිනාකම සහ සමාජ තත්ත්වය ආදී විවිධ අංශ පිළිබඳ සළකා බැලීමක් සිදු කර ඇත.

මෙයට තවත් සිනමා තරු කිහිපයක් ම ඇතුලත් වී තිබුන ද සියලු දෙනාටම 10 න් ලකුණු මට්ටමක් ලබා දී තිබුණි.

මේ වන විට 55 හැවිරිදි වියෙහි පසුවන ඩීසල් එහි දී මුළු ලකුණු 10න් 6.46ක් ලබා ගත්තේ ය.

අනෙකුත් ජයග්‍රාහකයින් මෙසේය ;

1. Vin Diesel – 6.46/10
2. Stanley Tucci – 6.33/10
3. Shemar Moore – 6.25/10
4. Pitbull – 6.16/10
5. Prince William – 6.13/10
6. Jason Statham – 5.96/10
7. Bruce Willis – 4.75/10
8. Joe Rogan – 4.37/10
9. Dwayne “The Rock” Johnson-3.62/10
10. Mike Tyson – 2.50/10

පංචකල්‍යාණයෙන් එකක් වන කොණ්ඩයට අභියෝග කරමින් තට්ට ඉදිරියට ආ මොහොතක් මෙසේ නිම විය.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි