×

වේල්සයේ කුමරු ලෙස අභිෂේක ලැබීම මා ලද ගෞරවයක්: විලියම් කුමරු

විලියම්ගේ පියා වන චාර්ල්ස් වේල්සයේ කුමරු යන තනතුර වසර 50 කට වඩා කාලයක් හෙබවූ අතර, ඔහුගේ මව වන දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයත් සමඟ චාර්ල්ස් බ්‍රිතාන්‍යයේ රජු බවට පත්විය.


වේල්සයේ නව කුමරු ලෙස අභිෂේක ලැබීම තමා ලද ගෞරවයක් සේ තමා සලකන බව බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුගේ වැඩිමහල් පුත් විලියම් කුමරු පවසා තිබේ.

ඔහු මේ බව පවසා තිබෙන්නේ අද (11) දින වේල්සයේ පළමු අමාත්‍ය මාර්ක් ඩ්‍රේක්ෆෝර්ඩ් සමඟ පැවති සාකච්ඡාවකදී වන අතර, ඒ බව කෙන්සිංග්ටන් මාලිගය විසින් තහවුරු කර තිබේ.

විලියම් කුමරු ගේ පියා වන චාර්ල්ස් වේල්සයේ කුමරු යන තනතුර වසර 50 කට වඩා කාලයක් හෙබවූ අතර, ඔහුගේ මව වන 70 වසරක් බ්‍රිතාන්‍යය පාලනය කළ දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයත් සමඟ චාර්ල්ස් බ්‍රිතාන්‍යයේ රජු බවට පත්විය.

චාර්ල්ස් රජු වීමත් සමඟ ඔහුගේ වැඩිමහල් පුත් විලියම් වේල්සයේ කුමරු යන තනතුරට පත්වේ.

මේ පිළිබඳව කෙන්සිංග්ටන් මාලිගය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය වේල්සයට බෙහෙවින් ඇලුම් කරන බවත්, ඇන්ග්ලේසි හි ඔවුන්ගේ පළමු පවුල් නිවස සාදා ගැනීමෙන් මෙය පසක් වන බවත් ය.

එමෙන්ම, විලියම් කුමරු සහ කේට් කුමරිය ඉදිරි කාලය තුළ වේල්සයේ ජීවත් වන ප්‍රජාවන් සමඟ පවත්නා සබඳතාවය ශක්තිමත් කරගනු ඇති බවත්, වේල්සයේ ජීවත්වන ජනතාවගේ අභිලාෂයන්ට සහාය දැක්වීමට සහ ඔවුන් ඉදිරියේ ඇති අභියෝග සහ අවස්ථාවන් දෙකෙහිදී ම ඊට අවධානය යොමු කිරීමට සැදී පැහැදී සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඡායාරූප: ගෙටී ඉමේජස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි