×

තායිලන්තයේ මී ලඟ අගමැති වනු ඇත්තේ රජ කුමරියක් ද?

තායිලන්ත රාජකීය පවුලේ දේශපාලනයෙන් ඉවත්ව සිටීම තායිලන්ත සාම්ප‍්‍රදායයි.


තායිලන්තයේ වජිරලෝන්කෝන් රජුගේ වැඩිමහල් සොහොයුරිය 67 හැවිරිදි උබොල්රතනා රාජකන්‍යා කුමරිය දේශපාලනයට පිවිසෙන්නට තීරණය කරන කර ඇත.

එළැඹෙන මාර්තු මාසයේදී පවත්වන්නට නියමිත මැතිවරණයේදී 
ඇය ඉදිරි අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟ වදිනු ඇත.

2005 වසරේ හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහකළ අග‍්‍රාමාත්‍ය තක්ෂීන් ෂිනවත‍්‍රාට පක්ෂපාතී පක්ෂයට සම්බන්ධ සම්බන්ධව ඇය මැතිවරණය සදහා ඉදිරිපත් වීමට නියමිතය.

තායිලන්ත රාජකීය පවුලේ දේශපාලනයෙන් ඉවත්ව සිටීම තායිලන්ත සාම්ප‍්‍රදායයි.

නමුත් එරට රජුගේ වැඩිමහල් සොහොයුරිය මෙලෙස අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟවැදීම පිළිබදව මේ වන විට තායිලන්තයේ පමණක් නොව සමස්ත ලෝකයේම කථා බහට ලක් වී ඇති කරුණකි. තායිරජ පවුල මෙසේ දේශ පාලනයට එක් වීමෙන් අනාගතයේදී රජ පවුල විසින් රටේ දේශ පාලන බලය තහවුරු කර ගැනීමට වෑයම් කිරීමේ සූදානම්ක් වන්නටද පුළුවන.
පසුගිය වසර පහක කාලයක් තිස්සේ තායිලන්තය හමුදාමය පාලනයක් යටතේ පැවතුණ අතර මාර්තු 24 වන දින පැවැත්වෙන ඡන්දයේදී තායිලන්තය පාලනය විය යුත්තේ ප්‍රජාතාන්ත්‍රවාදී නායකත්වයක් යටතේද නැත්නම් නීති රීති ප්‍රකාරව පත්කළ  පාලකයෙක් යටතේද යන්න තීරණය වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි