×

සෞදි කුමරියට ප්‍රංශ අධිකරණයෙන් සිර දඩුවම්

ඔහු පවසන්නේ කුමරියගේ ආරක්ෂක නිළධාරියා විසින් තම දෙඅත් බැද පහර දී රජ කුමරියගේ දෙපතුල් සිඹීන ලෙස බල කළ බවයි.


සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමද් බින් සල්මාන්ගේ නැගණිය වන හස්සා බින්ට් සල්මාන් අල් සවුද් කුමරිය වෙත ප්‍රංශ අධිකරණය විසින් මාස 10ක සිර දඩුවමක් සහ ඩොලර් 11000ක දඩයක් පනවා ඇත.

ඒ ප්‍රංශයේ පිහිටි තම නිවස අලුත් වැඩියා කරන්නට ආ පුද්ගලයෙකු හට පහර දෙන ලෙස සිය ආරක්ෂකයින්ට උපදෙස් දුන් බවට වන චෝදනාව ඔප්පු වීමෙන් පසුවයි.
ඇගේ ආරක්ෂක නිළධාරියා වෙතද මාස 8ක සිර දඩුවමක් සහ ආමරිකානු ඩොලර් 5600ක දඩයක් ප්‍රංශයේ අධිකරණය විසින් නියම කර ඇත.

පහර කෑමට ලක් වූ නිවාස අලුත් වැඩියා කරන්නා ඊජිප්තුවේ උපන් අෂ්රෆ් ඉද් නැමති ප්‍රංශ ජාතිකයෙකු වන අතර ඔහුවිසින් සෞදි කුමරියාගේ ඡායාරූප ලබා ගත් බවට චෝදනා කරමින් ඇය විසින් සිය ආරක්ෂක නිළධාරීන් ලවා මෙසේ පහර දී ඇත.

ඔහු පවසන්නේ කුමරියගේ ආරක්ෂක නිළධාරියා විසින් තම දෙඅත් බැද පහර දී රජ කුමරියගේ දෙපතුල් සිඹීන ලෙස බල කළ බවයි.

කුමරියගේ උපදෙස් පරිදි ආරක්ෂක නිළධාරියා විසින් ඔහුගේ හිසට පිස්තෝලයක් තබා තමන් වෙත තෝරා ගැනීම් දෙකක් දී අවශ්‍ය දේ පවසන ලෙස කියා ඇත. ඒ අනුව කුමරියගේ දෙපතුල් සිඹිනවාද නැත්නම් තවදුරටත් පහර කනවාදැයි යන්න ඔහුගෙන් විමසා ඇත. ඒ අනුව ඔහු විසින් පළමු කරුණ හා එකගවීමෙන් අනකුරුව ඔහුට එම දඩුවම ලබා දී ඇත.

ඇය වෙත චෝදනා එල්ල වූ පසු ඇය ප්‍රංශයෙන් පිටවී ඇති අතර ඇයව ඉන් පසු සම්බන්ධ කර ගැනීමට නොහැකිව ඇත. ඒ අනුව ඇයට අන්තර්ජාතික අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට ප්‍රංශ අධිකරණය කටයුතු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි