×

සමාජයක් ලෙස අපි අසමත්! – ප්‍රියංකා ගාන්ධි

ඉන්දීය කොංග්‍රස් පක්ෂ මහ ලේකම් ප්‍රියංකා ගාන්ධි, උන්නාවෝ ස්ත්‍රී දූෂණය සහ එකී තරුණිය පිළිස්සුම් තුවාල ලබා මිය යාම පිළිබඳ අදහස් දක්වා තිබේ.


ඇය එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් යෝගි අදිත්‍යානාත්ගේ උත්තර ප්‍රදේශ් පළාත් ආණ්ඩුවට දෝෂාරෝපණය කරයි.

තවද සමාජයක් ලෙස ඉන්දියාව අසමත් බව ද ඇය ප්‍රකාශ කරයි.

‘‘ඇයට යුක්තිය ඉටු කරන්නට බැරි වීම අපි හැමගේම අසමත් කමයි. සමාජයීය වශයෙන් අපි වැරදිකාරයන්. නමුත් එමගින් උත්තර ප්‍රදේශ් හි නීතිය හා සාමයේ තත්වය ගැනත් පෙන්වා දෙනවා..‘‘

මෙම ස්ත්‍රී දූෂණ සිදුවීමේ වින්දිතයාට ආරක්ෂාව ලබානොදුන්නේ මන්දැයි එහිදී ඇය ප්‍රශ්න කර සිටියාය.

ඇය මේ බව ට්වීට් කර තිබුණේ පහත සඳහන් ශීර්ෂපාඨය සහිත ඉන්දීය මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමිනි.
එහිදී මිය යාමට පෙර උන්නාවෝ තරුණිය දිල්ලි රෝහලේ වෛද්‍යවරුන්ට මෙසේ පවසයි.

‘‘මාව බේරගන්න.. මට ජීවත් වෙන්න ඕනෙ..‘‘

පෙර ලිපිය-

සමූහ දූෂණයට ලක්කර පුළුස්සා දැමූ තවත් ඉන්දියානු තරුණියක් මරුට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි