×

ඇමරිකාවේ ප්‍රකට ආයෝජකයෙක් රුසියාවේදී අත්අඩංගුවට

ප්‍රකට ඇමරිකානු ආයෝජක මයිකල් කාවේ (Michael Calvey) රුසියාව විසින් රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ.


ඇමරිකානු පුරවැසියෙකු වන මයිකල් කාවේ, රුසියාවේ සිටින ප්‍රධාන පෙළේ විදෙස් ආයෝජකයෙකි. ඔහු ‘මහා පරිමාණ වංචාවක්‘ සම්බන්ධයෙන් වූ විමර්ශනයක් සඳහා මේ අන්දමින් රඳවා තබාගෙන ඇති බව මොස්කව් ප්‍රකාශයෙක් පැවසීය.

1994 වසරේ පිහිටවනු ලැබූ, මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක ප්‍රාග්ධනයක් ඇතැයි සැලකෙන බාරින් වොස්ටොක් කැපිටල් පාට්නර්ස් නමැති රුසියානු ව්‍යාපාරික සමාගමේ නිර්මාතෘවරයා වන්නේ මයිකල් කාවේ ය.

මේ අතර, මයිකල් කාවේ මෙසේ රඳවා තබාගෙන සිටින්නේ තවත් පස් දෙනෙකු සමග බව රුසියානු රාජ්‍ය පුවත් සේවයක් වන RIA-Novosti පවසයි. එයින් තිදෙනෙක් ඉහත සමාගමේ සේවකයන් වේ. අනෙක් දෙදෙනා වියත්කා බැකුවේ අධ්‍යක්ෂවරයා සහ, ණය එක්රැස් කිරීමේ සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකි.

මෙම සිදුවීම ඇමරිකානු-රුසියානු සබඳතාවලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ ඉදිරි දිනවලදී කතා බහට ලක්වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි