×

සුනඛ මාංශ වෙළදාමට එරෙහිව ද කොරියානු පාර්ලිමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණ

මීට සහය දීම සදහා ඇමරිකානු නිළියක වන කිම් බේසිගර් ද එක් වී සිටියාය


ආහාර සදහා සුනඛ මාංශ වෙළදාම නතර කරන සෙ ඉල්ලා දකුණු කොරියානු සත්ව අයතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් උද්ඝොෂණ ව්‍යාපාරයක් අරඹා ඇත‍

මීට සහය දීම සදහා ඇමරිකානු නිළියක වන කිම් බේසිගර් ද එක්වී ඇති අතර ඔවුන් අතරින් අයෙක් මිය ගිය සුනඛයෙකු ද ගෙන එවැනි සුනඛයන්ගේ අනුරූද රැගෙන සෝල්හී දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරියේ මෙම උද්ඝෝෂණය සිදු කර ඇත.

සුනඛ මාංශ වෙළදාම නතර කිරීම සදහා දකුණු කොරියාව මීට පෙරද කීප විටක් උත්සහයන් ගෙන තිබුණද එහි නියැළෙන්නන් පවසන්නේ සුනඛ මාංශ ආහාරයට ගැනීම දකුණු කොරියානුවන්ගේ සමප්‍රදායේ කොටසක් බවයි. මේ සම්බන්ධව දකුණු කොරියාවට ජාත්‍යන්තරයේද විවේචන එල්ල වී පැවතින.

මීට පෙර ආඅරය සදහා සුනඛයන් මැරීම හා සුනඛ මාංශ වෙළදාම නවතා ලීම සදහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇති පනත් කෙටුම් පත නීති ගත කරන ලෙස මෙම උද්ඝෝෂකයන් රජයට බල කර සිටී. නමුත් සුනඛ මාංශ තහනම් කිරීමටද වැඩි පිරිසක් ඉදිරිපක් වී ඇති අතර ඔවුන් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම වළකාලීම සදහා කටයුතු කරමින් සිටී,

මේ අතර තවත් පිරිසක් උද්ඝෝෂණය සිදුවූ ස්ථානයේදීම ඉල්ලා සිටියේ සුනඛ මාංශ තහනම් නොකරන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි