×

මෝඩිගේ සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩ ඉන්දියානු පුරවැසි පනතයි!

මීට මාස අටකට පෙර නරේන්ද්‍ර මෝඩි දශක ගණනාවක් තුළ බිහිවූ නායකයන් අතරින් ඉන්දියාවේ ජනප්‍රියම නායකයා ලෙස ප්‍රශංසාවට ලක් විය.


මීට මාස අටකට පෙර නරේන්ද්‍ර මෝඩි දශක ගණනාවක් තුළ බිහිවූ නායකයන් අතරින් ඉන්දියාවේ ජනප්‍රියම නායකයා ලෙස ප්‍රශංසාවට ලක් විය.

ඔහුගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්ථා කළේය.

නමුත් දැන් ඔහු ඔහුගේ දේශපාලන ආධිපත්‍යයට ඇති ලොකුම අභියෝගයට මුහුණ දී සිටී.

පසුගිය සති කිහිපය තුළ ඉන්දියාව පුරා විරෝධතාකරුවන් වීදි බැස ඇත්තේ නව පුරවැසි නීතියකට විරුද්ධවය. මහජන රැස්වීම් සඳහා නිල වශයෙන් තහනම් කිරීම් සහ ප්‍රචණ්ඩත්වයේ අවදානම නොතකා උද්ඝෝෂණ අඛණ්ඩව සිදුවූ අතර, මේ වන විටත් විරෝධතාකරුවන් 20 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි වී තිබේ.

එහෙත් මෝඩි හෝ විරෝධතාකරුවන් පසුබසින බවට කිසිදු සලකුණක් නොපෙන්වයි.

දෙසැම්බරයේ නවදිල්ලියේ පැවති රැලියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සිකුරාදා සිට බලාත්මක වූ මතභේදාත්මක පුරවැසි සංශෝධන පනත (CAA) “ඉන්දියාවේ භූමියේ මුස්ලිම්වරුන් සමඟ කිසිදු සම්බන්ධයක් නැති” බවයි.

මෝඩි හින්දු ජාතිකවාදියෙකු වීම ගැන රහසක් තබා නැත – පසුගිය වසරේදී ඔහු එම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාමට පියවර කිහිපයක් ගත්තේය. ඔහු නැවත තේරී පත් වූ මාස කිහිපය තුළ මෝඩි, හිටපු ජම්මු හා කාශ්මීර ප්‍රාන්තය යුනියන් බලප්‍රදේශ දෙකකට බෙදා ඇත. මෙය නවදිල්ලියේ රජයට මතභේදාත්මක මුස්ලිම් බහුතර කලාපය කෙරෙහි වැඩි පාලනයක් ලබා දෙයි.

ඔහුගේ රජය විසින් පුරවැසියන්ගේ නව ජාතික ලේඛනයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර එය ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ මිලියන 33 ක ජනගහනයෙන් මිලියන 1.9 ක් බැහැර කරයි.

මේ වන විට මෝඩිගේ පක්ෂය පරාජයට පත්වන්නේ ප්‍රාන්ත මැතිවරණයෙන් පමණි. එහෙත් විරෝධතා – සහ ආර්ථිකය කෙරෙහි වැඩෙන අතෘප්තිය – මැතිවරණ කෙරෙහි පුළුල් බලපෑම් ඇති කළ හැකිය.

එහෙත් ඉදිරි වසර කිහිපය තුළ මෝඩිගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ ඔහුගේ විරුද්ධවාදීන්ට – විරෝධතාකරුවන්ට සහ දේශපාලනඥයින්ට – ඔහු ප්‍රතිචාර දක්වන්නේ හා ඔවුව සංවිධානය කරන්නේ කෙසේද යන්න මතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි