×

ට්‍රම්ප් ගැති ‘ප්‍රවුඩ් බෝයිස්’ සාමාජිකයකු කැපිටල් හිල් කෝලාහලයට වරදකරු වෙයි!

ට්‍රම්ප් ගැති 'ප්‍රවුඩ් බෝයිස්' සාමාජිකයකුට වැඩ වරදී, හොඳ වෙලාවට ඇමරිකාවේ බේරෙ වැවක් නැත..


එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගැතිකම් කරන පිරිමින්ගෙන් පමණක් සැදුම්ලත්, ස්ත්‍රී විරෝධී, සමරිසි විරෝධී සහ අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් වන ‘ප්‍රවුඩ් බෝයිස්’ හි සාමාජිකයකු ඉකුත් 2021 වසරේ ජනවාරි 06 වන දින හටගත් කැපිටල් හිල් කෝලාහලයට අදාළව අධිකරණය හමුවේ වරදකරු ලෙස පිළිගෙන තිබේ.

එක්සත් ජනපදයේ 2020 ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ජෝ බයිඩන් ට එරෙහිව විරෝධය ප්‍රකාශ කරමින් තම නායකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් වොෂිංටනයේ කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදෙමින් වියරුවෙන් හැසිරුණු සෙනඟ පිරිසෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් අතර ‘ප්‍රවුඩ් බෝයිස්’ කණ්ඩායමේ සාමාජිකයකු මෙසේ චෝදනාවලට වරදකරු වන්නේ පළමු වරටයි.

මෙම ‘ප්‍රවුඩ් බෝයිස්’ කණ්ඩායම් සාමාජිකයා නමින් ජෙරමි බර්ටිනෝ වන අතර, කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදීමට අදාළව එරට අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් දියත්කළ කුමන්ත්‍රණයට තමාගේ සම්බන්ධතාවයක් තිබූ බවට ඊයේ (06) දින අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.

කැපිටල් හිල් කෝලාහලය නිසා මරණයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 04 දෙනෙකු පමණ වූ බව එවකට පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එමෙන්ම, මෙම කෝලාහලය දියත් කිරීමට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය හරහා අනුබල දී තිබූ බව ද විමර්ශන වලදී අනාවරණය විය.

කහ වර්ණයෙන් සැදුම්ලත් හිස්වැසුම්, රිබන්පටි ආදියෙන් සැරසී පැමිණෙන පිරිමින්ගෙන් පමණක් සමන්විත වන ‘ප්‍රවුඩ් බෝයිස්’ යනු කාන්තාවන්ට ප්‍රසිද්ධියේ අපාහසකරන, සමරිසි ප්‍රජාවට ප්‍රසිද්ධියේ අපහාසකරන සහ අන්ත දක්ෂිණාංශික මතවාදයක් එක්සත් ජනපදය පුරා ව්‍යාප්ත කිරීමට කැපවූ එකමුතුවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි