×

පුවර්ටෝ රිකෝ ලොව පවතින දූෂිතම කලාපයකි, ට්‍රම්ප් ගෙන් ප්‍රකාශයක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුවර්ටෝ රිකෝ යනු ලොව පවතින "දූෂිතම" කලාපයක් බවට ප්‍රකාශ කොට තිබේ.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුවර්ටෝ රිකෝ යනු ලොව පවතින “දූෂිතම” කලාපයක් බවට ප්‍රකාශ කොට තිබේ.

පසුගිය බදාදා දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ, ඔවුන්ගේ දේශපාලන ක්‍රමවේද බිඳ වැටී ඇති අතර, දේශපාලඥයින් දූෂිත හෝ අකාර්‍යක්ෂම බවය.

කිසිදු කලාපයකට වෙන්කොට නොමැති පරිදි කොන්ග්‍රසය ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ප්‍රතිපාදන එම දූපතට වෙන්කොට ඇති මුත්, එය නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන ඉතා අකාර්‍යක්ෂම අන්දමින් හසුරුවා ඇති බවද එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

නිවර්තන හා ඩෝරියන් සුළි කුණාටු හමුවේ තර්ජනයට මුහුණ පා සිටින පුවර්ටෝ රිකෝ දූපතෙහි දැවැන්ත මූල්‍ය බංකලොත්භාවය පෙන්නුම් කර දෙමින් ට්‍රම්ප් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ 2017 වර්ෂයේදී ඇතිවූ සුළි කුණාටු වලින් ඇතිවූ අලාභ හානී පියවා ගැනීම සඳහා ලබා දුන් රාජ්‍ය අරමුදල් අස්ථාන ගතවී ඇති බවයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප් මහතා පසුගිය අඟහරුවාදා (27) දින සනද්‍යා යාමයේ පුවර්ටෝ රිකෝ වෙත වූ හදිසි ප්‍රකාශයක් අනුමත කරමින් රාජ්‍ය හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට උපදෙස් ලබා දුන්නේ අඛණ්ඩ ආපදා කලමනාකරණ ක්‍රමවේදය සඳහා පුවර්ටෝ රිකෝ සමඟ සම්බන්ධීකරණය දිගටම පවත්වා ගන්නා ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි