×

යුද්ධයේ කදුළු ලෝකයට පාකළ පුලිට්සර් සම්මානලාභී යානිස් භේරාකීස් ජීවිතයෙන් සමුගනී

සියරා ලියෝන්හීදී ප්‍රහාරයට ලක්වෙමින් එහි සරණාගත අර්බුධය පිළිබදව ලෝකයට වාර්ථා කළ යානිස්ට ඒ සදහා පුලිට්සර් සම්මානය හිමි විය.


පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලත් ලෝකප්‍රකට විශිෂ්ඨ පුවත්පත් ඡායාරූපශිල්පියෙකු වූ යානීස් ‍භේරාකීස් සිය ජීවිතයේ අවසන් ගමන් ගියේය. මීට පෙර කිහිප වතාවක්මද ඔහුට ජීවිතය අහිමි වන්නට ගියේ දුක්බර මෙන්ම ප්‍රචණ්ඩකාරී සමාජයන් මෙන්ම යුධ භූමීන් තුළද මිනිසුන්ගේ කදුළු මෙන්ම ගැහැට ලෝකයට ගෙන එන්නට වෙහෙස වූ අවස්ථාවලය‍

රොයිටර් පුවත් සමාගමට සේවය කළ යානීස් මිය යන විට ඔහුට වයස අවුරුදු 58කි.
ලෝකය පුරා කථාබහට ලක් වූ සිදුවීම් ගණනාවකදීම සිදුවන දේ ඡායාරූපයට ගෙන ලෝකය වෙත බෙදා දුන් යානිස් ඇෆ්ගනිස්ථානය, චෙච්නියාව, ආදී රටවල යුද්ධය පමණක් නොව කාශ්මීරයේ දැවැන්ත භූමිකම්පාව, 2011 ඊජිප්තුවේ සිදු වූ ජන අරගලය ආදී බිහිසුණු මෙන්ම ප්‍රචණ්ඩකාරී අවස්ථාවන් සිය කැමරා කාචයට හසු කරගත්තේය


ඔහු තුළ වූ විශේෂත්වය වූයේ සැබවින්ම යුද්ධය මෙන්ම වේදනාව පිරි අවස්ථාවන් තුළ තිබූ සැබෑ වේදනාව මෙන්ම සැබෑ පීඩිතයා හදුනා ගනිමින් ඔහුව හදුනා ගැනීමට මුළු මහත් ලොක්යටම ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්නට කටයුතු කිරීමය.


 ‘It almost looked like his spirit was leaving his body.’ A man lowers the body of a child into a coffin in the former Yugoslavia, 1998. Photograph: Yannis Behrakis/Reuters

සියරා ලියෝන්හීදී ප්‍රහාරයට ලක්වෙමින් එහි සරණාගත අර්බුධය පිළිබදව ලෝකයට වාර්ථා කළ යානිස්ට ඒ සදහා පුලිට්සර් සම්මානය හිමි විය.


” මගේ මෙහෙය ඔබට කථාන්දරය කීමය.. ඔබ කළ යුත්තේ තුමක්දැයි යන්න ඔබ තීරණය කළ යුතුය” ඒ යානිස් සිය කාර්ය ගැන පැහැදිලි කළ ආකාරයයි. ඔහු පැවසූවේ මගේ මෙහෙය වන්නේ මම කිසිවෙකුටත් ” තමන් ඒ පිළිබදව නොදැන සිටියා යැයි යන්න කිසිවෙකුත් නොකියන බවට තහවුරු කර ගැනීමය එනම් සියල්ලන්ම නිසි අයුරින් දැනුවත් කිරීමය.

1968 ග්‍රීසියේ ඇතන්ස් හීදී උපත ලද යානීස් භේරකීස් ගේ පළමු මාධ්‍ය කාර්යභාර වූයේ රොයිටර් පුවත් ආයතනය නියොජනය කරමින් මුවම්මර් ගඩාෆි පිළිබද වාර්තාකරන්නට ගිබියාවට යෑමය ඒ 1989 වසරේදීය. ඉන් ඉක්බිතිව දශක 3ක් ඔහු ලෝකය පුරා වාර්ථාකරණයේ යෙදුණේය‍
ඔහුට ඔහුගේ මිතුරාව අහිමි වූයේද ඡායාරුපකරණයේ නියැලෙමින් සිටියදී යුධපිටියක් තුළදීය. ඔහු ගේ ජීවිතය එහිදී අනූ නවයෙන් බේරුණ මුත් කෙසේ හෝ ඔහු මේ වන විට සිය ජීවිතය අතහැර ගොසින් ඇත. නමුත් යුද්ධයේ පීඩනයත් සාමයේ අවශ්‍යතාවත් ලෝකයට කියන්නට ඔහු නැවතත් මෙහි ආ යුතුය‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි