×

පංජාබයේ සික් රාජ්‍යක් නිර්මාණය කිරීමේ උත්සහයක්; අන්තර්ජාල තහනමක් පැනවේ

පංජාබය බොහෝ දුරට පුනරුදයේ ගිණි පුපුරු අළු යට සඟවා සිටින අතර ඉන්දියාවේ පරම ප්‍රතිවාදියා වන පකිස්ථානයට මායිම්ව එය පිහිටා තිබීමත් සමඟ පුනරුදයක් පිලිබඳ භීතිය තව තවත් තීව්‍ර වී ඇත.


ඉන්දියාවේ වෙනම සීක් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් සටන් කරන සීක් දේශකයෙකු වන අම්රිත්පාල් සිං සන්දු වාර්ගික සහජීවනය කඩාකප්පල් කළ බවට චෝදනා මත පොලීසිය විසින් සෙවීමේ පියවරක් ලෙස උතුරු ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයට අන්තර්ජාල තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

මෙමඟින් අන්තර්ජාලය හරහා කෙටි පණුවුඩ යැවීම් ආදිය නවතා දැමීම අපේක්ෂා කරන අතරමෙය පංජාබ්හි මිලියන 30කට අධික ජනතාවට බලපා තිබේ. මේත් සමඟ ව්‍යාපාර කටයුතු සාප්පු, ව්‍යාපාර, විද්‍යාල සහ ඩිජිටල් ගෙවීම් ද අඩාල කර ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේදී දී පවනව ලද අන්තර්ජාල තහනම තවත් පැය 24කට දීර්ඝ කර ඇති අතර ඊඨ හේතු වී ඇත්තේ සිංගේ ආධාරකරුවන් සැන් ෆ්රැන්සිස්කෝ හි ඉන්දීය කොන්සල් කාර්යාලයට හානි කරන අයුරු රූගත කර බෙදා හැරීමයි.

මේ වන වි‌ට සන්දුගේ අනුගාමිකයින් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහු තවමත් පලා යමින් සිටියි. සන්දුගේ සහයකයෙකු වන ලව්ප්‍රීත් සිං ටූෆාන් පසුගිය පෙබරවාරි 23 වන දින අත්අඩංගුවට ගැනීමත් සමඟ කඩු හා තුවක්කු රැගෙන අනුගාමික පිරිසක් සමඟ අජ්නාලා හි පොලිස් ස්ථානයට කඩා වැදුණු සන්දු ඇතුළු පිරිස සිය අනුගාමිකයා ගලවා ගැනීමට සමත් විය. මේතු සමඟ අම්රිත්පාල් සිං සන්දු සොයමින් පොලීසිය ක්‍රියාත්මක විය.

ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ වන විට සන්දුට රටින් පැනයාමට නොහැකි වන ලෙස අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර සන්දු ස්වදේශ කටයුතු ඇමතිවරයාට තර්ජනය කර තිබුණේ 1984 හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිට අත් වූ ඉරණම තමාට අත්වන බව තමාටද අත්වන බවටයි.

1980 ගණන්වලද ඉන්දියාවේ ඛලිස්තාන් නම් සීක් රාජ්‍යයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම් විසින් නිර්මාණය කරන ලද ත්‍රස්ත පාලනයක් පැවැති අතර මෙම ව්‍යාපාරය අවසානයේදී පරාජයට පත් වූ නමුත් නිල ඇස්තමේන්තු වලට අනුව 20,000කට වැඩි පිරිසක් මිය යන ලදි. ඉන් බහුතරය වුයේ සිවිල් වැසියන්ය.

පංජාබය බොහෝ දුරට පුනරුදයේ ගිණි පුපුරු අළු යට සඟවා සිටින අතර ඉන්දියාවේ පරම ප්‍රතිවාදියා වන පකිස්ථානයට මායිම්ව එය පිහිටා තිබීමත් සමඟ පුනරුදයක් පිලිබඳ භීතිය තව තවත් තීව්‍ර වී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි