×

පුටින්ගෙන් පළමු ගුරුතුමියට හාද්දක් (වීඩියෝ)

කතා බහ කළ දේ කිසිවෙක් දන්නේ නැහැ.. නමුත් ශරීර භාෂාවට වඩා තවත් භාෂාවක් තිබෙනවාද?


රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්, සිය පළමු ගුරුතුමිය හමුවූ පුවත ජාත්‍යන්තර ජනමාධ්‍ය තුළ ශීර්ෂපාඨ මවා තිබෙනවා.

පුටින් ඇයව හමුවන්නේ විශේෂ දවසකයි. එනම්, රුසියාවේ ‘විජයග්‍රහණයේ දිනය‘ යෙදී තිබූ මැයි 9 වැනිදායි.

එහිදී පුටින් ඇයට ක්‍රෙම්ලිනයට ආරාධනා කර තිබුණා.

විනාඩි කිහිපයක් ඔවුන් දෙදෙනා හැඟීම්බරව කතා බස්කළා. පුටින් එක් අවස්ථාවක ඉතාම හැඟීම්බර ලෙස තමන්ගෙ පළමු ගුරුතුමියගේ නළල ද සිප ගන්නවා.

ඔවුන් දෙදෙනා කතා බස් කළේ මොනවාදැයි රුසියානු පුවත් සේවා වාර්තා කරන්නේ නැහැ.

නමුත් මේ රූපරාමු නරඹන විට එය සිතාගත නොහැකි කෙනෙක් නැහැ!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි