×

රුසියාවේදී අත්අඩංගුවට ගත් ඇමරිකානු-ඊශ්‍රායල කාන්තාවකට පුටින් සමාව දෙයි!

පසුගිය වසරේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එක්සත් ජනපද-ඊශ්‍රායල ද්විත්ව ජාතිකයෙකුට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමාව ලබා දී තිබේ.


පසුගිය වසරේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එක්සත් ජනපද-ඊශ්‍රායල ද්විත්ව ජාතිකයෙකුට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමාව ලබා දී තිබේ.

26 හැවිරිදි නාම ඊසාචාර් 2019 අප්‍රේල් මාසයේදී මොස්කව්හි රඳවා ගනු ලැබුවේ ඇගේ ගමන් මල්ලේ තිබී ගංජා ග්‍රෑම් නවයකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමෙනි.

පසුව ඇයට වසර හතකට වැඩි සිර දඬුවමක් නියම විය.

ඊසාචාර්ට සමාව දීමට ගත් තීරණය ගැන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම “මිතුරා” වන පුටින්ට ස්තූතිය පුද කළේය.

ජනාධිපති රුවීන් රිව්ලින් රුසියානු නායකයාට “තීරණයේ ප්‍රඥා සහ දයා සහගත බව” පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

ඉසාචාර් නිදහස් කිරීම පිලිබදව ත ගුණ දැක්වීම වෙනුවෙන් රුසියානු ඕතඩොක්ස් පල්ලියක් සංකේතවත් කරන ජෙරුසලමේ සංකීර්ණයක අයිතිය අත්හැරීමට ඊශ්‍රායල් රජය කැමැත්තෙන් සිටින බව ඊස්රායල් මාධ්‍ය වාර්තා කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි