×

‘ඇමරිකාව සමඟ සටනකට අපි සුදානම්’ බව පුටින් කියයි

රුසියාවේ නව ඔරෙෂ්නික් හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයට ඕනෑම ඇමරිකානු මිසයිල ආරක්ෂක පද්ධතියක් පරාජය කළ හැක.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදය සමඟ මිසයිල අත්හදා බැලීමේ ද්වන්ද සටනක් සඳහා තමා සුදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකශ කර තිබේ.

යුක්රේනය විසින් පසුගියදා ප්‍රථම වරට එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඇටැක්ම්ස් බැලස්ටික් මිසයිල සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ස්ටෝම් ෂැඩෝ රුසියාවට එරෙහිව භාවිතා කිරීමට ප්‍රතිචාරයක් ජනාධිපති පුටින් රුසියාවේ නිෂ්පාදිත නව බැලස්ටික් මිසයිලයක් වන ඔරෙෂ්නික් මිසයිලය යුක්‍රේනියානු නගරයක් වන ඩිනිප්‍රෝ වෙත එල්ල කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, රුසියාවේ නව ඔරෙෂ්නික් හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයට ඕනෑම ඇමරිකානු මිසයිල ආරක්ෂක පද්ධතියක් පරාජය කළ හැකි බවත්, අවශ්‍යනම් එක්සත් ජනපදය සමඟ ද්වන්ධ සටනක් සඳහා තමා සුදානම් බවත්ය.

රුසියාව විසින් නිෂ්පාදිත මෙම නව ඔරෙෂ්නික් මිසයිලය න්‍යෂ්ටික හැකියාව ඇති පර්යේෂණාත්මක මිසයිලයක් වන අතර එය කිලෝමීටර් 5,500ක් දුර ගමන්කරනු ඇති බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි