×

අනේ අපිට ඕනෙත් මේ යුද්ධෙ නවත්තන්න, ඒත් යුක්රේනයනේ මේ ගහන්නේ: පුටින් මෝදි ට කියලා!

යුද්ධය ගැන පුටින් තම ඉන්දියානු මිතුරාට කියූ දේ...


රුසියාව සහ යුක්රේනය අතර පවතින් යුධමය තත්ත්වය ‘හැකි ඉක්මනින් අවසාන කිරීම’ රුසියාවේ අභිලාශය වන මුත්, යුක්රේනය දිගින් දිගටම යුධ පිටිය තුළ ක්‍රියාන්විතයන් වල නියැලීමට උත්සුක බව රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත පවසා තිබේ.

ඔහු මේ බව ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට පවසා තිබෙන්නේ, ඊයේ (16) දින ඉන්දියාව සහ රුසියාව අතර පැවති ද්වීපාර්ශ්වික හමුවක් අතරතුරදී ය.

එමෙන්ම, මෙම යුධ තත්ත්වය පිළිබඳව ඉන්දියාවේ අවධානය පිළිබඳව තමාට වැටහෙන බව ද පුටින් ජනාධිපතිවරයා පවසා තිබේ.

මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී, ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි පුටින් ට පවසා තිබෙන්නේ, වර්තමානය යුද්ධයක් සඳහා සුදුසු යුගයක් නොවන බවයි. එමෙන්ම, මෙලොව එක්සත් කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සංවාදය බවයි හෙතෙම අවධාරණය කර තිබෙන්නේ.

යුක්රේනයේ කිව් අගනුවර සාකච්ඡා සඳහා වූ ඇරයුම ප්‍රතික්ෂේප කළ බවත්, ඔවුන් යුධ පිටිය තුළ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කිරීමට උනන්දු බවත් පුටින් මෝදි ට පවසා ඇත.

උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organisation: SCO) සමුළුව අමතමින් පුටින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කළේ, මෙම තත්ත්වය අවසාන කිරීමට හැකි සෑම දෙයක්ම රුසියාව විසින් කරනු ඇති මුත්, යුක්රේනයට අවශ්‍ය මෙය මිලිටරි විසඳුමක් හරහාම අවසාන කිරීම බවත් ය.

සීතල යුද්ධය (Cold War) පැවති සමය පටන්ම ඉන්දියාව සහ රුසියාව අතර ශක්තිමත් ද්වීපාර්ශ්වික සබඳතා පැවති අතර, දැන් ‘ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සංවාද’ පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රකාශ සිදුකරන ඉන්දියාව රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ මොහොතේ, ඒ සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රාජ්‍යයන් අතර සිටි රාජ්‍යයක් වීම ද විශේෂත්වයකි.

රුසියාව යනු ඉන්දියාවට ආයුධ සපයන ප්‍රධාන සැපයුම්කරු බව ද මෙහිදී සිහිපත් කළ යුතු ය.

ඡායාරූප: රොයිටර්

සබැඳි පුවත්:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි