×

රුසියානු ‌තෙල් අඩුමිලට අළෙවි නොකරණ බවට ජනාධිපති අනතුරු අඟවයි

පසුගියදා යුරෝපීය සංගමය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් එක්වී යුක්රේන යුද්ධයට ආයුධ සැපයීමට ඇති හැකියාව අඩු කිරීමේ අරමුණෙන්, රුසියානු තෙල් බැරලයකට ඩොලර් 60 ක මිල සීමාවක් පැනවීය.


රුසියානු තෙල් වෙනුවෙන් ආනයනික මිල සීමා පනවමින්, එහි නිෂ්පාදනය අඩු කිරීමට උත්සහ කරනු ලබන කිසිදු රටකට තෙල් අළෙවි නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ.


පසුගියදා යුරෝපීය සංගමය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් එක්වී යුක්රේන යුද්ධයට ආයුධ සැපයීමට ඇති හැකියාව අඩු කිරීමේ අරමුණෙන්, රුසියානු තෙල් බැරලයකට ඩොලර් 60 ක මිල සීමාවක් පැනවීය. මේ තීරණය සම්බන්ධයෙන් ඊයේ (09)දිනයේ කිර්ගිස්තානයේ අගනුවර වන බිෂ්කෙක් හි පැවති කලාපීය සමුළුවකින් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, රුසියානු තෙල් වෙනුවෙන් මිල සීමා පනවා ඇති කිසිදු රටකට තෙල් අළෙවි නොකරන බවයි. එමෙන්ම ගෝලීය බලශක්ති වෙලඳපොලවලට හානිකර මෙවැනි තීරණ ගැනීම මෝඩ ක්‍රියාවක් බවත්ය.


මෙහිදී තවත් කරුණු කිහිපයක් පිළිබඳ තොරුතුරු දැකිවූ රුසියානු ජනාධිපතිවරයා එක්සත් ජනපදය සහ රුසියාව අතර තවදුරටත් සිරකරුවන් හුවමාරු විය හැකි බවත් දෙරටේ ඔත්තු සේවා අතර සම්බන්ධතා දිගටම පවතිනු ඇති බවත් පැවසීය. පුටින් මෙලෙස පැවසූයේ එක්සත් ජනපද පැසිපන්දු තරුවක් වන බ්‍රිට්නි ග්‍රයිනර් ආයුධ වෙළෙන්දෙකු වන වික්ටර් බෝට් සමඟ මාරු කර දිනකට පසුවය.


එමෙන්ම එක්සත් ජනපදයට මෙන් පළමු න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට රුසියාවට ජනවරමක් නොමැති නමුත් රුසියාවට එවැනි ප්‍රහාරයක් එල්ලවුවහොත් එයට ප්‍රබල ලෙස ප්‍රතිචාර දැක්විය හැකි දියුණු හයිපර්සොනික් ආයුධය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණි.

එමෙන්ම යුක්රේන යුද්ධය වෙනුවෙන් බලමුලු ගන්වා ඇති 300,000 සොල්දාදුවන්ට ඇඳුම් හමුදා උපකරණ ලබාදීම ගැටලු සහගත බව පිලිගත් ජනාධිපතිවරයා යුක්රේනය සම්බන්ධයෙන් සාම ගිවිසුමකට එළැඹීමට සිදුවනු ඇතැයි කලින් විශ්වාස කළද, මින්ස්ක් ගිවිසුම් බිඳවැටීම හා ජර්මනිය සහ ප්‍රංශය රුසියාව පාවාදී කියෙව් වෙත ආයුධ පොම්ප කිරීම හේතුවෙන් යුද්ධයේ නිමාවක් පෙනෙන්නට නොමැති බව ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි