×

ක්වන්ටාස්, ගුවන් සේවකයන් 2,500 ක් ගෙදර යවයි

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි කලාපය මාස කිහිපයකට ලොක්ඩවුන් කිරීමෙන් අනතුරුව ක්වන්ටාස් ගුවන් සේවය, එහි සේවකයන් 2,500 ක් දෙනා නිවාඩු යවා තිබේ.


අවම වශයෙන් මාස 2 ක කාලයක් සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇත.

ඔවුන් සිය කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවනු ඇත්තේ අගෝස්තු මැද දක්වා පමණි. අනතුරුව මෙම ගුවන් සේවකයන් රජයෙන් ලැබෙන දීමනා සඳහා අයදුම් කළ යුතු වනු ඇත.

ජූනි මාසයේ පටන් ඔස්ට්‍රේලියාව, ඩෙල්ටා රැල්ල මැඬ පවත්වා ගැනීම සඳහා දැඩි සීමාවන් ක්‍රියාත්මක වන අතර, මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පැමිණෙන කිසිවෙක් ලෝකයේ කිසිම රටකට ඇතුල් කර ගන්නේ ද නැත.

ක්වන්ටාස් සහ, එහි බජට් ගුවන් සේවය වන ‘ජෙට්ස්ටාර්‘ මැයි-ජූලි මාස ඇතුළත සිය දේශීය ව්‍යාපාරයෙන් 60%ක ප්‍රතිශතයක් අහිමි කර ගෙන ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී ක්වන්ටාස් ගුවන් සේවය, 6,000 ක කාර්ය මණ්ඩලයක් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. එය, ඔවුන්ගේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව වූ 30,000 න් 1/5 ක් විය.

පසුගිය මැයි මාසයේ ක්වන්ටාස් වාර්තා කළේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පාඩුවක් සිය ගුවන් සේවයට සිදුව ඇති බවයි.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි