×

එලිසබෙත් රැජිණගේ අවසන් කටයුතුවලට සහභාගී වූ ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජිණට කොවිඩ් ආසාදනය වෙලා!

ඩෙන්මාර්ක රැජිණට මේ කොවිඩ් ආසාදනය වන්නේ මෙම වර්ෂය තුළ දෙවන වරටයි.


ඩෙන්මාර්කයේ රැජිණ වන මාග්‍රෙත් ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඩෙන්මාර්කයේ රාජකීය මන්දිරය විසින් අද (21) දින නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

මෙම වසර තුළ ඈට කොවිඩ් වෛරසය වැළඳුනු දෙවන අවස්ථාව මෙය වන අතර, ඇගේ කොවිඩ් තත්ත්වය තහවුරු වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ අවසන් කටයුතු වලට සහභාගී වීමෙන් අනතුරුවයි.

82 හැවිරිදි මාග්‍රෙත් රැජිණ ඇගේ කොවිඩ් තත්ත්වය මත සියළු හමුවීම් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඈ පළමු වරට කොවිඩ් ආසාදනයට ලක්වූයේ ඉකුත් පෙබරවාරි මස වන අතර, ඒ වන විට ඈ තුළින් සුළු රෝග ලක්ෂණ මතුව තිබිණි. ඇය වෛරසයට එරෙහිව එන්නත් ද ලබාගෙන තිබීම විශේෂත්වයකි.

ඉකුත් සඳු (19) දින පැවති දෙවන එලිසබෙත් රැජිණගේ අවසන් කටයුතුවලට ඩෙන්මාර්ක රැජිණ සහභාගී වූ අතර, මාග්‍රෙත් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දීම එරට රාජකීය මාලිගය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඡායාරූප: පීඒ මීඩියා



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි