×

Queen of Katwe චිත්‍රපටය හැඩ කළ 15 හැවිරිදි නිකීතා වොලීග්වා ජීවිත‌යෙන් සමුගනී

.


ලෝක ප්‍රකට ඩිස්නි චිත්‍රපටයක් වූ Queen of Katwe ප්‍රධානතම චරිතයකට පණ දුන් උගන්ඩා ජාතික නිකීතා වොලීග්වා අද සිය ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත. ඒ් ඇයට වයස අවුරුදු 15 දීය. මොළයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඇය මෙසේ මිය ගිය බව ඇය උගත් පාසැල විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

චිත්‍රපටය තිරගත කළ 2016 වසරේදීම මොළයේ හටගත් ආබාධයෙන් සුවය ලැබූ ඇය වසරකට පසු නැවතත් රෝගී වී ඇත. චිත්‍රපටයේ අධ්‍යක්ෂ මීරා නායිර් සහ චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය ඈ වෙනුවෙන් සිය ආදරය සහ ශෝකය පල කර සිටිති.

Image result for Queen of Katwe star Nikita Pearl Waligwa dies aged 15
මෙම චිත්‍රපටය උගන්ඩාවේ සිදු වූ සත්‍ය කථාවක් ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් වන අතර 2005 වසරේදී අති විශිෂ්ඨ ලෙස චෙස් ක්‍රීඩාවෙන් ඉහළ ගිය උගන්ඩාවේ මුඩුක්කු නිවාසයක ජීවත් වූ ඉගෙනුම නොළත් දැරියක වූ ෆියෝනා මුට්සිගේ සත්‍ය ජීවිත කථාව ඇසුරින් ඒය නිර්මාණය විය. නිකීතා පණ පොවන්නේ ප්‍රධාන චර්තයට ශක්තියක් වන ඇගේ යෙහෙළිය ග්ලෝරියාග් චරිතයටයි.

ඔස්කාර් සම්මාන ලාභී කෙන්යානු නිළි ලුපිටා නියොන්ගෝ සහ බ්‍රිතාන්‍ය ජාතික ඔයලෝවෝ වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් සමග උගන්ඩාවේ මෙතෙක් අවස්ථාවක් නොලද නවක තාරකාවන් මෙම චිත්‍රපටයට පණ පොවන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි