×

”කොරෝනා එන්නත මුලින්ම අප්‍රිකානුවන්ට අත්හදා බලමු”.. ප්‍රංශ වෛද්‍යවරුන්ගෙන් ලැජ්ජා සහගත යෝජනාවක්

අප්‍රිකානුවන් යනු පරීක්ෂණාගාරයක සිටින මීයන් නොවේ.


සෞඛ්‍ය පහසුකම් අඩු .. ජනගහනය වැඩි අප්‍රිකාව කොරෝනා සදහා සොයා ගැනෙන එන්නත අත්හදා බැලීමට ඉතාමත් සුදුසු පරීක්ෂණාගාරය බවට ප්‍රංශ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක් වෙමින් තිබේ. ප්‍රංශ රූපවාහානී නාලිකාවක් වන එල් සී අයි වෙත පසුගියදා සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔවුන් මෙම ප්‍රකාශය නිකුත් කර ඇත. යුරෝපය සහ ඔස්ට්‍රේලියාව විසින් COVID-19 සදහා BCG ක්ෂය රෝග එන්නත භාවිත කළ හැකිදැයි පරීක්ෂා කිරීම සදහා සිදු කෙරෙන අත්හදා බැලීම් සදහා අප්‍රිකානු රටවල ජනතාව යොදා ගත යුතු බවට ඔවුන් අදහස් දක්වා ඇත.

“එය ප්‍රකෝපකාරී විය හැකිය.

මුඛ ආවරණ , ප්‍රතිකාර හෝ දැඩි සත්කාර නොමැති අප්‍රිකාවේ අප මෙම අධ්‍යයනය නොකළ යුතුද? ඒඩ්ස් සදහා වන ඇතැම් ප්‍රතිකාර අත්හදා බැලීමට ලිංගික ශ්‍රමිකයන් යොදා ගන්නවාට සමාන දෙයකි එය. ඔවුන් අධික ලෙස රෝග කාරකයන්ට නිරාවරණය වන බවත් ආරක්ෂා නොවන බවත් අපි දනිමු. ජාතිවාදී අදහස් වැපිරූ බවට චෝදනා ලද එක් වෛද්‍යවරයෙකු වන පැරීසියේ කොචින් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී ජීන් පෝල් මිරා පවසයි.

ඔහු හා එකග වන ප්‍රංශයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂක කැමිල් ලොච්ට් පවසන්නේ “ඔබ හරි. මෙම ප්‍රවේශය භාවිතා කරමින් අප්‍රිකාවේ මෙම අත්හදා බැලීම් සමාන්තරව සිදු කිරීඹට අපි අවධානය යොමු කරමු. යනුවෙනි.

ඔවුන් දෙදෙනාගේ මෙම ප්‍රකාශයන් ජාතිවාදී බවට චෝදනා කරන පිරිස් අතර වෘත්තීය පාපන්දු ක්‍රීඩක ඩිඩියර් ඩ්‍රොග්බා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ” අප්‍රිකාව පරීක්ෂණාගාරයක් නොවේ යනුවෙනි. “පහත්, බොරු සහ වඩාත් ගැඹුරු ජාතිවාදී වචන හෙළා දැකීමට මම කැමතියි.” තවදුරටත් ඔහු සදහන් කලේය.

ප්‍රංශයේ සමාජවාදී පක්ෂයේ ඔලිවියර් ෆෝර් පවසන්නේ , එය ජාතිවාදය පමණයි” යනුවෙනි “අප්‍රිකාව යුරෝපයේ විද්‍යාගාරය නොවේ. අප්‍රිකානුවන් යනු මීයන් නොවේ!” ඔහු පවසයි.

ප්‍රති- ජාතිවාදී  සංවිධානයක් වන වන SOS Racism හී ප්‍රංශයේ මාධ්‍ය නියාමන ආයතනය වෙතින් මෙම ප්‍රකාශය විධිමත් ලෙස හෙළා දකින ලෙස ඉල්ලා සිටියේය.

“නැත, අප්‍රිකානුවන් ;යනු පරීක්ෂණාගාරයක ඌරන් නොවේ” යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කාලේය.

මේ අතර, මොරොක්කෝවේ නීතිඥයින්ගේ සාමූහිකයක් වන Le Club des avocats au Maroc ප්‍රකාශ කරන්නේ වාර්ගික අපහාස සම්බන්ධයෙන් ජීන්-පෝල් මිරාට එරෙහිව නඩු පවරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි