×

සෞදි කාන්තාවගේ දුක්ගැනවිලි තවත් වරක් පුපුරවා හළ  18 හැවිරිදි රහෆ්.

"බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා"


සිය මවු පියන් සහ සහෝදරයන් හා ජීවත් වීම සිය ජීවිතය අනතුරේ හෙළීමක් යැයි පවසමින් ඊයේ සිය රට අතහැර ඕස්ට්‍රෙලියාව බලා යමින් සිටියදී දහඅට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් නැමති සෞදි තරුණිය තායිලන්තයේ දී අත්අඩංගවට ගැණින. ඒ ඈ ළග අවශ්‍ය ලිය කියවිලි නොතිබීම හේතුවෙනි

ඕස්ට්‍රේලියාවට පැන යෑමේ ඇගේ සිහින බොද වී යනු දුටු බැංකොක් ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටි දහඅට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් තායිලන්ත ගුවන් තොටුපලේදී කියා සිටියේ තමන්ට මානව හිමිකම් ආයතන නියෝජිතයින් හමුවන් නට අවශ්‍ය බවත්ය. කෙසේ වෙතත් මුල් අවස්ථාවේදීම තායිලන්තය ඇයව හරවා ඇගේ මව්පියන් සිටින කුවේටයට යැවීමට සූදානම් විය.
ඇය දිගින් දිගටම සිය මවුපියන් සහෝදරයන් පිළිබදව කියා සිටියේ

“බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා”
යනුවෙනි .

ඈ නැවතී සිටි හෝටල් කාමරය ඉදිරිපිට තායිලන්තයේ නිලධාරීන් රැඳී සිටිය ද, ඇය කුවේට් නගරය බලා යාමට නියමිතව තිබු ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කළාය. ඇය දැඩි සේ තමන්ට මානව හිමිකම් නියෝජිතයන් හමුවීමට අවශ්‍ය බව කියා සිටියාය.

“පවුලේ සාමාජිකයින් සහ සෞදි තානාපති කාර්යාල නිලධාරීන් මා එනතුරු කුවේට්හි රැඳී සිටිනවා “, ඇය රොයිටර් පුවත් සේවයට තමන් තුළ පවතින බිය ගැන පැවසීය.

ඇගේ මෙම ක්‍රියාවත් සමග හියුමන් රයිට්ස් වොච් ඇතුලු මානව හිමිකම් කණ්ඩායම් රැසක් ඈ වෙත අවධානය යොමු කරමින් ඇයට සහය වීමට අවශ්‍ය පියවර ගැනීමට යොමු වී තිබේ.
හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් පැවසුවේ රහෆ් කුවේටයට පිටුවහල් කරනු ලැබීම වැලැක්වීම සඳහා තායි නීතිඥයින් පිරිසක් බැංකොක් අපරාධ අධිකරණයට අතුරු තහනමක් ඉදිරිපත් කර ඇති බවය.

රහෆ් මොහමඩ් අල්-කුනුන් මෙසේ බැංකොක් වෙත පැමිණ තිබුණේ
තම පවුලේ සාමාජිකයින් සමග කුවේට්හි නිවාඩුවක් ගතකරමින් සිටියදී ය බැංකොක් හරහා ඔස්ට්‍රේලියාවට ගොස් රැකවරණය ඉල්ලීම ඇයගේ බලාපොරොත්තුව වී ඇත. නමුත් සිදු වූයේ ඇය නොසිතූ දෙයකි

ගුවන්තොටුපලෙන් පිටතට පැමිණෙමින් සිටියදී ඇගේ විදේශ ගමන් බලපත්‍රය සෞදි තානාපති නිලධාරියෙක් විසින් සිය භාරයට ගත් බව ඇය පැවසීය. නමුත් පසුව නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් ඇගේ ගමන් බලපත්‍රය ඇයට ලැබිණ.

ඒත් සමග විවිධ සාකච්ඡා සහ විවාදයන් කිහිපයකින් පසු තායිලන්තයේ ආගමන විගමන පොලිස් ප්‍රධානියා කියා සිටියේ රහෆ් මොහමඩ් අල්-කුනුන් සෞදිය වෙත පිටුවහල් නොකරන බවය.
බැංකොක්හි සෞදි තානාපති කාර්යාලය තවදුරටත් පැවසුවේ ඇයව ගුවන්තොටුපලෙහි හෝ වෙනත් තැනක රඳවාගැනීමට බලයක් තමන්ට නොමැති බවත් කාර්යාල නිලධාරීන් ඇයගේ පියා සමග අදහස් හුවමාරු කරගන්නා බවත්ය. කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන ද මෙම තරුණියගේද අදහස වූයේ නිශ්චිත වශයෙන්ම තායි බලධාරීන් සෞදි අරාබිය සමග සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.

ඉන් පසු ඇයව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබද නියෝජිතායතනය භාරයට පත්වීමෙන් අනතුරුව තියා බලධාරීන් කියා සිටියේ මින් පසු කිසිවෙතුටත් ඇයට කිසිදු බලපෑමක් කළ නොහැකි බවත් මේ වන විට ඇය සිටින්නේ තායිලන්තය යටතේ බවත්ය.
මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද නියෝජිතායතනය හෙවත් UNHCR පැවසුවේ ඇයට ජාත්‍යන්තර සරණාගත ආරක්ෂණය අවශ්‍ය බවත් ඊට අවශ්‍ය පිළියම් ඉතා ඉක්මණින් සොයන බවත්ය.
ඇය මේ වන විටද තුමන හේතුවක් නිසා හෝ සිය පවුලේ සාමාජිතයින් වෙත යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර නිසි පිළියමක් ලැබෙන තුරු තායිලන්තයේ රැදී සිටීමට සිය කැමැත්ත පල කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි