×

බග්දාදි ඝාතන මෙහෙයුම මානව හිමිකම් ක්‍රියාකාරිනී”කයිලා මුලර් ” ගේ නමින් නම් කෙරේ

ඇයගේ මළ සිරුර හෝ මවු රටට නොඑවීමට තරම් බග්දාදි අකාරුණික විය.


අයි එස් අයි නායකයා ඝාතනය කිරීම සදහා ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද ‍මෙහෙයුම කයිලා මුලර් මෙහෙයුම ලෙස නම් කළ බව ඇමරිකාව පවසයි. කයිලා මුලර් යනු සිරියාව තුළ සහන සේවයේ යෙදුන ඇමරිකානු මානව හිමිකම් ක්‍රියාකාරිනියකි

. 2013 වසරේ උතුරු සිරියාවේ රෝහලක සේවය කරමින් සිටියදී අයිඑස් ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ඇයව පැහැර ගත් බවට කරුණු අනාවරණය විය. ඒ වන විට 26 වන වියේ පසුවුණ ඇය අයිඑස් ත්‍රස්ත නායකයා විසින් රදවා තබා ගෙන සිටි අතර අපයෝජනයට ද ලක්කර ඇති බව සඳහන්. 2015 වසරේදී ඇය ගුවන් ප්‍රහාරයකින් මිය ගියා.

“සානුකම්පිත හා මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවූ” අයෙකු ලෙස ඇයව හදුන්වයි, සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු 2012 වසරේ දී තුර්කියට ගොස් සිරියානු දේශ සීමාව තරණය කර සිවිල් යුද්ධයෙන් පලා යන පීඩනයට පත් වූ වන්ට උපකාර කිරීමේ මෙහෙයුමක නිරත විය. සිරියාවේ ඇලෙප්පෝ හි වෛද්‍යවරුන් නොමැති රෝහලක සිය සේවය සපයමින් සිට ඉන් පිටත්ව යමින් සිටියදී අයව පැහැර ගනු ලැබීය.

අයි එස් අයි ත්‍රස්තවාදීන් රදවාගෙන සිටින අතරතුර ඇය තම පවුලේ අයට ලිපියක් යවමින් තම ආදරණීයයන්ගෙන් ඉල්ලා සිටියේ තම තත්වය ඔවුන්ට බරක් කර නොගන්නටෙලසයි. “මා නිදහස් කිරීම සඳහා වන සාකච්ඡා ඔබේ යුතුකම බවට පත්වීමට මට අවශ්‍ය නැත “මම දන්නවා ඔබට මා ශක්තිමත්ව සිටීමට අවශ්‍ය යි. ම මේ කරන්නේ එයයි. ”

කෙසේ වුව ද 2015 පෙබරවාරියේ දී අයි එස් අයි ත්‍රස්තවාදීන් නිවේදනය කලේ ජෝර්දාන ප්‍රහාරක යානයක් ඇය රඳවා සිටි ගොඩනැගිල්ලට බෝම්බ හෙලීමෙන් පස් ඇය මිය ගිය බවයි.කයිලා මුලර්ගේ සිරුර හෝ ඇයගේ දෙමව්පියන්ට භාර දීමට අයි එස් ත්‍රස්තයින් ක්‍රියා නොකරන ලදී.අල් බග්දාදි ඝාතනය කිරීමේ මෙහෙයුමේ සියලුම ගෞරවය ඇයට හිමිවිය යුතු බව ඇමෙරිකා ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි