×

ගින්නෙන් ඇවිළුණු ඕස්ට්‍රේලියාවට වැසි දෙවියන්ගේ ආශීර්වාද!

අවසානයේ සියලු දෙනාගේ කන්නලව් ඇසූ වැසි දෙවියන් ඕස්ට්‍රේලියාවට වැසි වැස්සීමට තීරණය කර තිබේ.


ඕස්ට්‍රේලියාවේ ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවලට වර්ෂාව ඇද වැටී ඇති අතර ඒ හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් උෂ්ණත්වය පහත ‍යමින් පවතී.

නිව් සවුත් වේල්සයේ සමහර ප්‍රදේශවල ධාරානිපාත වර්ෂා ඇද හැළුණු අතර සිඩ්නි සිට මෙල්බර්න් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ සුළු වැසි ඇද හැළුණි.

 

 

නමුත් බලධාරීන් පැවසුවේ සිකුරාදා වන විට උෂ්ණත්වය යළිත් ඉහළ යනු ඇති බවයි.

වික්ටෝරියා හි කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවූයේ මෙල්බර්න් හි දෘශ්‍යතාව නගරයේ බොහෝ ප්‍රදේශවල සහ ඒ අවට ප්‍රදේශවල කිලෝමීටර 1 (සැතපුම් 0.62) ට වඩා අඩු වනු ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ රක්ෂණ කවුන්සිලය පැවසුවේ සැප්තැම්බර් මාසයේ දී ගින්න ආරම්භ වූ දා සිට ගින්න ආශ්‍රිත හානි හා විනාශය සඳහා ඩොලර් මිලියන 700 ක පමණ හිමිකම් පැමිණීලි 9,000 ක් පමණ ලැබී ඇති බවයි.

සැප්තැම්බර් මාසයේ සිට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති අතර නිවාස 1500 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත. ඕස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් පැවසුවේ ගින්නෙන් සිදු වූ පූර්ණ ආර්ථික බලපෑම කුමක් වේදැයි කීමට ඉක්මන් වැඩි බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි