×

රැල්ෆ් ලෝරන් ගේ කැට්වෝක් සංදර්ශනය හොලිවුඩය ගිනියම් කරයි!

"Beaux Arts" මන්දිරය ලෝරන් තම ප්‍රදර්ශනය පැවැත්වීමට යොදා ගෙන තිබුනේ


1939 වර්ෂයේ ඔක්තෝබර් මස 14 වන දින උපත ලද මොහු නමින් රැල්ෆ් ලෝරන් ය. ඇමරිකානු විලාසිතා නිර්මාණකරුවකු, ධානපතියෙකු සහ බිලියනපතිව්‍යාපාරිකයකු ලෙස නම් දැරූ මොහු රැල්ෆ් ලෝරන් සමාගමෙහි පුරෝගාමීත්වය හොබවයි.

ඡායාරූප ; Business insider

ඔහුගේ දුර්ලභ මෝටර් රථ එකතුව සඳහා ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර සමහර ඒවා කෞතුකාගාර ප්‍රදර්ශනවල ද ප්‍රදර්ශනය කර ඇත. ලෝරන්2015 සැප්තැම්බර් මාසයේදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වූ නමුත් විධායක සභාපති සහ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතුකරන්නේ ද මොහු ය. 2022 අප්‍රේල් වන විට ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් ලෙස සනිටුහන් වී තිබුණි.

ඡායාරූප; Chris Pizzello

ඔහු විලාසිතා නිර්මාණකරණයෙහි දශක හතකට ආසන්න කාලයක් යෙදී සිට ඇත. ඔවුන්ගේ නවතම එකතුව කැලිෆෝනියාවේ සැන් මරීනෝහි හංටින්ටන් පුස්තකාලයේ කලා කෞතුකාගාරය සහ උද්භිද උද්‍යානය මුල් කරගෙන එළිදැක්විය.

ඡායාරූප; Vogue
ඡායාරූප; Whowhatwear.com
ඡායාරූප; Whowhatwear.com
ඡායාරූප; Whowhatwear.com

මෙම උත්සවය පැවැත්වූ ස්ථානය හෙන්රි හන්ටිංටන්ගේ පැරණි නිවහන යි. මෙය ගෘහ නිර්මාණ ශිල්පීන් වන Myron Hunt සහ Elmer Gray විසින් 1911 දී නිර්මාණය කර නිම කරන ලදී. අලංකාර මෙම “Beaux Arts” මන්දිරය ලෝරන් තම ප්‍රදර්ශනය පැවැත්වීමට යොදා ගෙන තිබුනේ ය. එය අලංකාරවත්ලෙස සැරසීමට ද සංවිධායකයන් අමතක නොකළ බව ඔබටම පෙනී යයි.

ඡායාරූප; Noe Dewitt
ඡායාරූප ; Noe Dewitt

මෙම කැට්වෝක් සංදර්ශනයට හොලිවුඩය කළඹමින් තරු රැසක් පැමිණ තිබූ බව දක්නට ලැබුණි. එයින් ලෝරන්ගේ විලාසිතාවෙන් හැඩ වී තම විවාහ දිවියටගිය ජෙනිෆර් ලෝපේස් (JLo) ඇයගේ සැමියා වන බෙන් ඇෆ්ලෙක්, ජෙසිකා චැස්ටන්, ඩයෑන් කීටන්, ජෝන් ලෙජන්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන් ආදී තරු රැසක්මෙම උත්සවය සඳහා සහභාගී වූහ.

ඡායාරූප; Kevin Tachman
ඡායාරූප; Kevin Tachman
ඡායාරූප; WWD

හොලිවුඩයේ තරු දශක ගණනාවක් තිස්සේ ඔවුන්ගේ “රතු පලසෙහි පෙනුම ( Red Carpet Look)” සඳහා රැල්ෆ් ලෝරන් වෙත පැමිණ ඇත. නමුත්ලෝරන් ඔහුගේ 2023 වසන්ත විලාසිතා එකතුව ඇතුළත් නවතම විලාසිතා දැක්ම රැගෙන මේ වන විට ඔවුන් වෙත පැමිණ තිබේ.

ඡායාරූප; Harpersbasaar.com

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි