×

එක්සත් ජනපද නාවික කඳවුරකට ransomware වෛරස් ප්‍රහාරයක්!

පරිගණක වෛරසයක් හේතුවෙන් එක්සත් ජනපද නාවික කඳවුරකට පැය 30 කට වඩා වැඩි කාලයක් කිසිදු අන්තර්ජාල සබදතාවක් නොමැතිව සිය කටයුතු මෙහෙයවා ගැනීමට සිදුවූ බව එරට වෙරළාරක්ෂක බලකාය අනාවරණය කර තිබේ.


පරිගණක වෛරසයක් හේතුවෙන් එක්සත් ජනපද නාවික කඳවුරකට පැය 30 කට වඩා වැඩි කාලයක් කිසිදු අන්තර්ජාල සබදතාවක් නොමැතිව සිය කටයුතු මෙහෙයවා ගැනීමට සිදුවූ බව එරට වෙරළාරක්ෂක බලකාය අනාවරණය කර තිබේ.

මෙම Ransomware වෛරසය වෙබ් අඩවිය මෙන්ම කදවුරේ කැමරා, දොර ප්‍රවේශ පාලන පද්ධති සහ සියලු අධි සංවීදී හා අධි ආරක්ෂිත අධීක්ෂණ පද්ධති වල ක්‍රියාකාරීත්වයට බාධා කළේය.

ප්‍රහාරය ඉලක්ක කරගත්තේ කුමන කොටසද හෝ එහි නම හෝ ස්ථානය තවමත් හෙළි ක‍ර නැත.

නිලධාරියෙකු පැවසුවේ වෛරසය සේවකයෙකු විසින් විවෘත කරන ලද අනිෂ්ට ඊමේල් සබැඳියක් ඔස්සේ ආසාදනය වී ඇති බවයි.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය (USCG) දෙසැම්බර් 16 වන දින ආරක්ෂක ප්‍රකාශයක් නිකුත් කරමින් අනෙකුත් කඳවුරු වලින් ඉල්ලා සිටියේ තවදුරටත් එල්ල විය හැකි සයිබර් ප්‍රහාර වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි