×

සුපිරි රැප් ගායක කන්යේ වෙස්ට් ගේ කන් හැළෙයි. දැන් නම : ‘යේ‘

ලෝකයේ වැඩිම ආදායමක් උපයන රැප් ගායකයෙකු වන සුප්‍රසිද්ධ ‘කන්යේ වෙස්ට්‘ ගේ දැන් නම ‘යේ‘ ය.


ඔහුගේ නම වෙනස් කිරීමට අදාළව ඉදිරිපත් ව තිබූ පෙත්සම ලොසැන්ජලීස් විනිසුරුවරයෙකු විසින් අනුමත කරනු ලැබිණි.

අගෝස්තු 24 වැනිදා ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම මගින්, නම වෙනස්කිරීමට අදාළ පුද්ගලික කාරණා 24 ක් දක්වා තිබිණි. වසර ගණනක පටන් කන්යේ වෙස්ට් මාධ්‍ය වෙත තමන්ව YE යනුවෙන් හඳුන්වා දීම ද එයට ඇතුළත් විය.

අප්‍රිකානු සම්භවකින් යුක්ත යේ, ඇමරිකානු ඩොලර් බිලියන 1.8කට අධික වත්කමක් ඇත්තෙකු වන අතර, ඔහු විලාසිතා නිමැයුම් ජාලයක ද හිමිකරුවෙකි.

මේ අනුව කිසිදු මැද නමක් හෝ වාසගමක් නොමැතිව අද පටන් ඔහු හැඳින්වෙනු ඇත්තේ ‘යේ‘ යනුවෙනි.

ලොව සරාගීම ගැහැණියක ලෙස සැලකෙන කිම් කර්ඩෂියන්ගේ සැමියා ය. දරුවන් සිව් දෙනෙක් ඔවුන්ට සිටින අතර, ඔවුහු ‘වෙස්ට්‘ යන යේගේ වාසගම භාවිතා කරති. කෙසේ නමුත් 44 හැවිරිදි යේ, මේ වන විට ඇයගෙන් දික්කසාද වීමේ සූදානමක් පවතින බව ද දැක්වේ.

පහත දැක්වෙන්නේ යේ, ‘කන්‘ හැලී යාමට පෙර කිම් කර්ඩෂියන් සහ සිය දරුවන් සමග කළ Closed On Sunday මියුසික් වීඩියෝවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි