×

අතිදුර්ලභ ඩයිනෝසෝර් විශේෂ්‍යක් ඕස්ට්‍රේලියාවෙන් හඳුනා ගැනේ

සෙන්ටිමීටර පහක (අඟල් දෙකක) කශේරුකා පොසිලය 2015 දී වික්ටෝරියා හි කේප් ඔට්වේ අසල කැණීම් වලදී සොයා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාවෙන් හමු වූ පළමු එලෆ්‍රෝසර් පොසිලය මෙයයි.


ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡා කැණීම්කරුවෙකු විසින් සොයා ගන්නා ලද පොසිලයක් මීට වසර මිලියන 110 කට පෙර රට පුරා සැරිසැරූ දුර්ලභ දත් රහිත ඩයිනෝසෝරයකු ලෙස හඳුනාගෙන තිබේ.

“සැහැල්ලු පාද කටුස්සා” යන අර්ථය ඇති එලෆ්‍රෝසෝර්, ටයිරනසෝරස් රෙක්ස් සහ වේලෝසිරැප්ටර් යන ඩයිනෝසිරයන්ට හා සම්බන්ධ ඩයිනෝසරයෙකු බව වාර්තා වේ.

සෙන්ටිමීටර පහක (අඟල් දෙකක) කශේරුකා පොසිලය 2015 දී වික්ටෝරියා හි කේප් ඔට්වේ අසල කැණීම් වලදී සොයා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාවෙන් හමු වූ පළමු එලෆ්‍රෝසර් පොසිලය මෙයයි. මෙල්බර්න් කෞතුකාගාරය විසින් මෙහෙයවනු ලබන වාර්ෂික කැණීමකට සහභාගී වෙමින් සිටි ස්වේච්ඡා කැණීම්කරුවෙකු වන ජෙසිකා පාකර් විසින් මෙම පොසිලය සොයා ගන්නා ලදී.

එකල එම පොසිලය පතෙරෝසෝර් නම් පියාසර උරගයකුගේ යැයි සිතනු ලැබීය. නමුත් මෙල්බර්න් හි ස්වින්බර්න් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් විසින් ෆොසිලය තවදුරටත් අධ්‍යයනය කළ විට එය ඉතා සියුම් ලෙස සෑදී ඇති බවත් ඒ අනුව එය ඩයිනෝසෝරයකු ගේ බව ඔවුහු වටහා ගත්හ.

මෙම සත්වයාගේ දිග මීටර් දෙකක් (අඩි 6.5) පමණ බව පොසිලයෙන් ඇඟවුණි. කෙසේ වෙතත්, මීට පෙර ටැන්සානියාව, චීනය සහ ආර්ජන්ටිනාව යන රටවලින් හමු වූ අනෙකුත් පොසිලවලින් පෙන්නුම් කරන්නේ දිග මීටර් හයක් දක්වා ළඟා විය හැකි බවයි. වැඩිහිටි එලෆ්‍රෝසෝර් සතුන් බොහෝ විට මස් අනුභව නොකළ බව වෛද්‍ය පෝරොපාට් පැවසීය.

ෆොසිලය පිහිටා තිබූ කේප් ඔට්වේ ප්‍රදේශය බොහෝ පෞරාණික සොයාගැනීම් සඳහා ප්‍රකට ප්‍රදේශයකි. සතුන් දුසිමක් සහ ඩයිනොසෝර විශේෂ පහක් එහි හඳුනාගෙන ඇති බව ඒබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. සොයාගත් ඒවාට 2018 දී හමු වූ ශාක අනුභව කරන ඩයිනෝසෝරයක් ඇතුළත් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි