×

යුරෝපය අතහැර දමා චීනයට ආ රොබින් කුරුල්ලා

චීනයේ බෙයිජිං සත්වෝද්‍යානයෙන් හිටිහැටියේ මතු වූ සුන්දර පොඩිත්තා මොහු ය.


  • රොබින් කුරුල්ලා, බ්‍රිතාන්‍යයේ ජාතික පක්ෂියා ලෙස ජනමතයෙන් තෝරාගත් සුන්දර පක්ෂියෙකි. හිටිහැටියේ රොබින් කුරුල්ලා චීනයට ආවේ බ්‍රෙක්සිට් එපා වෙලාද?
Photo of robin spotted in Beijing
බෙයිජිං සත්තුවත්තට ආ යුරෝපියානු අමුතත්තා නිසා හටගෙන තිබෙන්නේ මහා කලබලයකි. |
TERRY TOWNSHEND

මේ යුරෝපියානු රොබින් කුරුල්ලා, චීනයේ බීජිං සත්වෝද්‍යානයට පැමිණ වසා තිබෙන්නේ ස්වෙච්ඡාවෙන්ම ය. ඔහු දැන් එරට ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ.

සිය ගණනක් වූ පක්ෂි නරඹන්නන් සහ මාධ්‍යවේදීන් පසුගිය සිකුරාදා දිනයේ බෙයිජි සත්වෝද්‍යානයට වැල නොකැඩී ඇදී ආවේ රොබින් කුරුල්ලාව නරඹන්නට ය.

තද පාට බඩවතක් ඇති මේ කුරුල්ලා, යුරෝපයට අමුත්තෙක් නොවේ. නමුත් ඉතිහාසයේ එදා මෙදාතුර බෙයිජිං නුවරින් වාර්තා වුණේ රොබින් කුරුල්ලන් දෙදෙනෙකු ගැන පමණි. මේ තුන්වැන්නා ය.

සමහර නරඹන්නන් ‘‘මේ නම් බ්‍රෙක්සිට් එකෙන් අනාථ වෙච්ච කෙනෙක්‘‘ යැයි විහිළු කළ බව ද BBC පුවත් සේවය පවසයි.

කැමරාකරුවන් 200කට වැඩි පිරිසක්!

200 photographers camped out
පුංචි රොබින් කුරුල්ලා දෙස කැමරා 200කට වඩා මානා තිබුණේ මෙසේ ය. |
Rare sight of robin in Beijing Zoo
TERRY TOWNSHEND

චීිනයේ පක්ෂීන් නැරඹීම සඳහා ජනතාව විශාල උනන්දුවක් දක්වන අතර, WeChat මැසේජින් ඇප් එක හරහා මෙවැනි පුවත් වේගයෙන් සංසරණය වේ. මෙහි පැමිණ සිටි බොහෝ දෙනා, ඒ ආරංචිය ලැබුණු අය ය.

යුරෝපයේ සිට චීනය දක්වා ඇති දුර දළ වශයෙන් සැතපුම් 1,500 ක් පමණ වේ. මේ සා දුරක් මේ පුංචි කුරුල්ලා පියඹා ආවේ කුමක් නිසාදැයි කිසිවෙක් දන්නේ නැත. ඇතැම්විට සුළං ධාරාව ඔස්සේ පැමිණියා විය හැකි බවට ද මතයක් තිබේ.

තවත් සති කිහිපයක් මේ පුංචි කුරුල්ලා බීජිං සත්වෝද්‍යානයේ නවාතැන් ගනු ඇතැයි විශ්වාස කෙරේ.

සාමාන්‍යයෙන් රොබින් කුරුල්ලන් යුරෝපයේ ශීත සෘතුවේදී මෙසේ වඩා උණුසුම් ස්ථාන සොයා සංක්‍රමණය වෙති.

යුරෝපියානු රොබින් කුරුල්ලා, 2015 වසරේදී එක්සත් රාජධානියේ ප්‍රථම ජාතික පක්ෂියා ලෙස තෝරාගනු ලැබීය. ඒ, 200,000 කට වැඩි පිරිසක් සහභාගි වූ ජනමත විමසුමකිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි