×

අතුරුදන් වූ ගංජා කිලෝ සිය ගණනක් වෙනුවෙන් ඉන්දීය පොලීසිය මීයන්ට චෝදනා කරයි.

මීයන් කුඩා සතුන් වන අතර ඔවුන් පොලිසියට බිය නැත


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ගබඩාවල ගබඩා කර තිබූ ගංජා කිලෝග්‍රෑම් සිය ගණනක් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය මීයන් වෙත චෝදනා කර ඇති පුවතක් උතුරු ඉන්දියාවෙන් වාර්තා වේ.


අත්‍යාවශ්‍ය නඩු කටයුත්තක් වෙනුවෙන් රාජසන්තක කරන ලද ගංජා කිලෝග්‍රෑම් 386 ක් ලබා දෙන ලෙස පොලිසියට දැනුවත් කිරීමෙන් පසු පොලීසිය ප්‍රකාශ කර තිබුණේ, පොලිස් භාරයේ තිබූ ගංජා කිලෝ සිය ගණනක් මීයන් විසින් ආහායට ගෙන ඇති බවයි. පොලිස් භාරයේ පැවැත් මෙම ගංජා තොගයන් නගරයේ ෂර්ගාර් සහ අධිවේගී මාර්ග පොලිස් ස්ථානයේ ගබඩා කර තිබූ මේ පිළිබඳ විමසා බැලූ උත්තර් ප්‍රදේශ්හි මථුරා නගරයේ අධිකරණයක් සඳහන් කළේ, මීයන් කුඩා සතුන් වන අතර ඔවුන් පොලිසියට බිය නැත යනුවෙනි.


හැම පොලිස් ස්ථානවලම පාහේ මී උවදුරක් ඇති බැවින් එබැවින් රාජසන්තක කර ඇති ගංජා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය විධිවිධාන සම්පාදනය කළ යුතු බවට අධිකරණය නියෝග කළ අතර පසුව අධිකරණය විසින් ගංජා වෙන්දේසි කිරීමට හෝ බැහැර කිරීමට පොලිසියට මාර්ගෝපදේශ ලබා දී ඇත.


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අතර ද විවිධ පරස්පරතා මතුවෙමින් ඇත.

නඩුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ මථුරා නගරයේ පොලිස් අධිකාරී මාර්ටන්ඩ් ප්‍රකාශ් සිං ප්‍රකාශ කර තිබුණේ, රාජ සන්තක කරන ලද ගංජා තොගයන් වැස්සෙන් හෝ ගංවතුරෙන් විනාශ වන්නට ඇති බවත්, මීයන්ගෙන් නොවන බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි