×

මහත්මා ගාන්ධි ගැහැණු සොඬෙක් වීද?

මහත්මා ගාන්ධි මුළු මහත් ජාත්‍යන්තරයෙහි ම අවධානය දිනාගත් චරිතයකි. එතුමන්ගේ දේහය දුර්දාන්ත වෙඩික්කරයකුගේ මූනිස්සමකින් සැලී වැටුණද ගාන්ධි දර්ශනය අමරණීය ය. නමුත් ඔහුගේ චරිතය නිර්මලද?


ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධිගේ 149 වන ජන්ම දිනය යෙදී තිබුණේ 2018 ඔක්තෝබර් දෙවැනිදාට ය. එය නිමිති කරගෙන ගාන්ධි තුමන් සැමරීමේ උත්සව ගණනාවක් ඉන්දියාවෙහිදී පැවැත් විණ. නිල උත්සවය පැවැත්වුණේ ඉන්දියාවේ දිල්ලි නුවර රාජ් ඝාට්හිදී ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , ජනාධිපති රාම් නාත් කෝවින්ද් විපක්ෂ නායකයෝ වන රාහුල් ගාන්ධි, සෝනියා ගාන්ධි සහ දෙස් විදෙස් සම්භාවනීය අමුත්තෝ රාශියක් මේ උත්සවයට සහභාගී වූහ. ඉන්දියාව හැරුණුවිට චීනය සහ ශ්‍රී ලංකාව ආදී තවත් රටවල් රැසකදී ද ගාන්ධි තුමන්ගේ 149 වන ජන්ම දින සංවත්සරය පැවැත් විණ.

සුදු ධෝතියකින් සැරසුණු කෙසඟ සිරුරක් ඇති ගාන්ධි තුමන් ඉන්දියාව, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් මුදා ගන්නට ප්‍රබල සටනක් ගෙන ගිය බව ප්‍රකට කාරුණකි. නිදහස් අරගලයට අමතරව කාන්තා අයිතීන් වෙනුවෙනුත්, ඉන්දියාවේ ක්‍රියාත්මක කුල ක්‍රමය අතු ගා දැමීම සඳහාත්, ආගම් බේදයකින් තොරව සෑම ඉන්දියානුවකුටම සාධාරණ ලෙස ප්‍රතිකාර ලැබීමේ අයිතිය තහවුරු කිරීම සඳහාත් හඬක් නැඟූ බව වසන් කළ නොහැකි කාරණයකි.

සුදු ධෝතියකින් සැරසුණු කෙසඟ සිරුර
සුදු ධෝතියකින් සැරසුණු කෙසඟ සිරුර

එදා ඉන්දියාවේ සිටි හින්දු නායකයන් කුල ප්‍රශ්නය එරෙහිව කටයුතු කරන්නට ගියේ කුලීනයන්ට යහපත් ලෝකයක් තැනීමේ සැබෑ වුවමණාව ඇතිවමද? එහෙමත් නැත්නම් වෙනත් යටි අරමුණු ඇතිව ද යන ගැටලුව වත්මන් පරම්පරාවේ සාමාජිකයන්ගේ සංශයට හේතු වී තිබේ.

එසේ සැක පළකරන වත්මන් පරම්පරාවේ සාමාජිකයෝ ගාන්ධි තුමන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් සහ කියුම් දැඩි ලෙස විග්‍රහ කරන්නටත් මැලි නොවෙති. ගාන්ධිතුමා ගැන පෙර නෑසු විරූ කතා අපට අසන්නට ලැබෙන්නේ එනිසයි.

“Ant Among Elephants: An Untouchable Family and The Making of Modern India” නමැති කෘතිය රචනා කරන ඉන්දීය – ඇමෙරිකා ලේඛිකා සුජාතා ගිඩ්ලා, ගාන්ධි තුමන්ව එසේ විවේචනය කරන එක් අයෙකි. ඈ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ මෙවැන්නකි.

ලේඛිකා සුජාතා ගිල්ඩා
ලේඛිකා සුජාතා ගිල්ඩා

“… ගාන්ධි තුමන් කුල වාදයට එරෙහිව සටන් කළ කෙනෙක් කියලා කියන්නේ කොහොම ද?. ඔහුට සත්‍ය වශයෙන් වුවමණා වුණේ කුල පද්ධතිය තියාගන්න. ඔහු කුලහීනයන්ට වචනයෙන් පමණක් සලකපු කෙනෙක්. ඒ ඇයි කියනවා නම්, හින්දූන්ට වුවමණා වුණා, මුස්ලිම්වරුන්ට එරෙහිව බහුතරයක් ගොඩනඟන්න. බ්‍රිතාන්‍ය රජය තුළ එය දේශපාලන නිරූපණයක් කරගන්න ඔවුන්ට වුවමණාව තිබුණා. හින්දු නායකයන් කුල ක්‍රමය අල්ලගන්න එකම හේතුව ඒක තමයි. …” කියා සුජාතා ගිඩ්ලා පවසන්නීය. ඈ මේ බව පසුගිය දිනෙක පවසා තිබුණේ ජායි සාහිත්‍ය උළෙලේදී දේශනයක් පවත්වමිනි.

සුජාතා තවදුරටත් එහිදී පෙන්වා දී තිබුණේ ගාන්ධිතුමන් වර්ගවාදී පිළිවෙතක පිහිටා කටයුතු කළ බවකුත් දැකිය හැකි යැයි කියාය. එය එතුමන් කෙරෙන් විශේෂයෙන්ම විද්‍යමාන වන්නේ එතුමන් දකුණු අප්‍රිකාවෙහි ජීවත් වුණු සමයේදී බව සුජාතා ගිඩ්ලා පවසන්නීය. ගමන් බලපත්‍ර පිළිබඳ නීතියක් කේන්ද්‍ර කරගෙන ඇතිවුණු කතා බහකදී උක්ත චර්යාව ගාන්ධිතුමන් කෙරෙන් පළ වූ බව ආ පෙන්වා දෙන්නීය.

“… දකුණු අප්‍රිකාවේදී ගමන් බලපත්‍ර පිළිබඳ ගැටලුවකට ඔවුන් බ්‍රිතාන්‍යයන් සමඟ සටන් කළා. … එහිදී ඔහු කිව්වේ මෙහෙම දෙයක්. ඉන්දියානුවන් ඉතා දුක් මහන්සි වී වැඩ කරන අය. ඒ නිසා ඉන්දියානුවන් ඔය කියන ගමන් බලපත්‍ර දරන්න අවශ්‍යතාවක් නැහැ. නමුත් කළු ජාතිකයන් කියන්නේ කාපිරින්ට. ඔවුන් මහා අලසයන් ජාතියක්. පරාජිතයන්. ඔව්…. ඔවුන් ඔය කියන ගමන් බලපත්‍ර දැරුවට කමක් නැහැ. අපි මොකටද ඒවා දරන්නේ?. …” කියා මහත්මා ගාන්ධිතුමන් පවසා තිබුණු බව සුජාතා පවසන්නීය.

සමහර සාධාරණ ගැටළු දෙස පවා ගාන්ධි තුමන් බැලුවේ ඉතාමත් අන්තගාමී අන්දමට බව හෙළිවන වාර්තාවක් බී.බී.සී. මාධ්‍ය සේවය පසුගිය දා වාර්තා කර තිබිණ. එම වාර්තාවට පාදක වී තිබුණේ ඉතිහාසඥ රාමචන්ද්‍රන් ගුහා රචනා කළ “ෆාදර් ඔෆ් ද නේෂන්” නමැති කෘතියෙහි අඩංගු කාරණාවන් කිහිපයකි. පවුල් සැලසුම් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඇමෙරිකා ජාතික ක්‍රියාකාරිනියක වන මර්ගරට් සැන්ගර් සමඟ සාකච්ඡාවක නියැලෙමින් ගාන්ධිතුමන් වරක් පවසා තිබෙන්නේ ලිංගිකත්වය ප්‍රජනනය සඳහා පමණෙකැයි කියාය. ගාන්ධිතුමන්ගේ අදහස් විවේචනය කරමින් මර්ගරට් සැන්ගර් පසු කලෙක සඳහන් කර තිබුණේ මෙවැන්නකි.

“… දෙදෙනෙක් ආදරයෙන් ජීවත් වනවිට, ඔවුන් දෙදෙනා සතුටින් සිටින විට, ඔවුන් ලිංගිකව හැසිරිය යුත්තේ වසර දෙකකට වරක් කියලා නියාමනය කරන්න පුළුවන් කියලා ඔබ හිතනවා ද?. ඔවුන්ගේ සම්බන්ධය දරුවකු අවශ්‍ය වන විට පමණක් සිදුවිය යුතුයි කියලා ඔබ හිතනවාද?. …” යනුවෙනි.

ගාන්ධිතුමන් ඇතැම් අවස්ථාවන්හිදී “අමුතු අමුතු” ආකාරයේ අත්හදා බැලීම් සිදුකර තිබේ. ලිංගිකත්වය සම්බන්ධ එක පරීක්ෂාවක් එතුමන් තමන් ජීවත්වුණු ආශ්‍රමය තුළදී සිදුකර ඇත. එක්තරා අවස්ථාවකදී මේ පරික්ෂාවට එතුමන් සහභාගී කරගෙන තිබෙන්නේ සිය ලේකම්ගේ රූමත් සොයුරියයි. ඇය නමින් සුශිලා නායර්ය. ඈ සමඟ එකට එක්ව දිය නෑමත්, නිදාගැනීමත් ගාන්ධිතුමන් කළ බව සඳහන් වේ. එතුමන් මෙවැනි පිළිවෙතක නියැලෙන විට සිය බිරිය කස්තුර්බා සමඟ සංවාසයේ යෙදීම නවතා බ්‍රහ්මචාරී දිවියක් ආරම්භ කර තිබිණ. ඒ බැව් එතුමන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණේය. එසේ වුවත් සුශිලා සමඟ දිය නෑම සහ නිදා ගැනීම ගැන එතුමන් පළ කර තිබුණේ මෙවැනි අදහසකි.

“… ඈ දිය නාන වෙලාවට මම මගේ දෑස් තදින් වසාගෙන ඉන්නේ. … ඈ දිය නාන්නේ නිරුවතින්ද එහෙම නැත්නම් යට ඇඳුමෙන් ද කියලා මම දන්නේ නැහැ. මට ශබ්දයෙන් කියන්න පුළුවන් මේ වෙලාවේදී ඈ සබන් ගානවා කියලා. …” කියාය.

1947 වසරේදී මහත්මා ගාන්ධිතුමන් 77හැවිරිදි වියේ පසුවන විට සුශිලා 37 හැවිරිදි වියේ පසු වූ බව කියැවේ. ඊටත් වැඩ පුදුමය ඒ වයසේදී බ්‍රහ්මචාරීව සිටි එතුමන් දහ අට හැවිරිදි තම ලේලියක සමඟ “යහන්” ගත වීමය. තමන්ගේ බ්‍රහ්මචර්යාවේ පවිත්‍රත්වය උපරිමයෙන්ම රැක ගැනීම පරික්ෂා කර බලන්නට සිය නිරුවත් කය මත මනු නමැති එම ලේලියත් නිරුවතින් තබාගෙන නිදා ගත් බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි