×

දිල්ලිය ගිනියම් වෙයි!

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි අවදානයෙන් පසුවන ලෙසයි.


සටහන – රෂිකා හෙන්නායක

මැයි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උෂ්ණාධික කාලගුණය සම්බන්ධයෙන්, ඉන්දියාවේ දිල්ලි ඇතුලු ප්‍රාන්ත රැසකට රතු නිවේදන නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවන්නේ, දිල්ලි , හර්යානා ,පංජාබ් හා රාජස්තාන් යන ප්‍රාන්තයන්ට ඉදිරි දින 5ක කාලය තුළ දී අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවන්නේ, උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්මවා යාමේ අවධානමක් පවතින බවත්, උත්තර ප්‍රදේශ් හා බිහාර් යන ප්‍රාන්තවල ජනතාවට ද දැඩි අවධානයෙන් පසුවන ලෙසහ්, දැනුම් දී ඇත.

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි අවදානයෙන් පසුවන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි