×

රෙඩිට් සම-නිර්මාතෘ ඇලෙක්සිස් ඔහානියන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීවෙයි – සිය අසුන කළු ජාතිකයෙකුට දෙන මෙන් ඉල්ලයි

සමාගම විසින් r / blackpeoplehate සහ alt-right r / MillionDollarExtreme වැනි සංසද තහනම් කර ඇත. එමෙන්ම ට්‍රම්ප් ගැති සංසදයක් වන r / TheDonald, සංසදය තහනම් කර ඇත. වෙබ් අඩවි සෙවීම් හෝ නිර්දේශයන්හි එහි අන්තර්ගතය නොපෙන්වන බවට රෙඩිට් සමාගම සහතික කරයි.


රෙඩිට් සම-නිර්මාතෘ ඇලෙක්සිස් ඔහානියන් තාක්‍ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඔහු වෙනුවට කළු අපේක්ෂකයෙකු පත් කරන ලෙස සමාගමෙන් ඉල්ලා සිටී. එමෙන්ම ඔහු තමාට හිමිවිය යුතු රෙඩිට් සමාගමට අයත් කොටස් කළු ජාතීන් වෙනුවෙන් භාවිතා කරන බවට ප්‍රතිඥා දී තිබේ.

ට්වීට් මාලාවක ඔහු කියා සිටියේ ඔහු මෙසේ කිරීමට හේතුව වන්නේ සිය කළු ජාතුක දියණිය දිනක තමාගෙන් තමා කළු ජාතිකයන් වෙනුවෙන් කළේ කුමක්ද යැයි විමසූ විට ඇයට පිළිතුරු දිය යුතු නිසාවෙන් බවයි.

මෙය සිදු වන්නේ පොලිස් කෲරත්වයට සහ වාර්ගික අසමානතාවයට එරෙහිව එක්සත් ජනපදයේ විරෝධතා දින ගණනාවකට පසුව ය.

කළු ටෙනිස් ශූර සෙරීනා විලියම්ස් සමඟ විවාහ වී සිටින ඔහානියන් මහතා, එන්එෆ්එල් හි කොලින් කපර්නික් විසින් ආරම්භ කරන ලද ලාභ නොලබන ආයතනයක් වන Know Your Rights Camp වෙනුවෙන් ඩොලර් මිලියන 1 ක් පරිත්‍යාග කරන බව පැවසීය.

“ඉල්ලා අස්වීම ඇත්ත වශයෙන්ම බලයේ සිටින පුද්ගලයින්ගේ නායකත්වයේ ක්‍රියාවක් විය හැකි යැයි මම විශ්වාස කරමි,” ඔහු වීඩියෝවකින් පැවසීය. “අපේ බිඳුණු ජාතිය නිවැරදි කිරීමට සටන් කරන සෑම කෙනෙකුටම මම කියන්නේ: ඔබ නවත්වන්න එපා.”

මීට වසර 15 කට පෙර ඔහානියන් මහතා සිය විද්‍යාලීය කාමර සගයන් වන ආරොන් ස්වාර්ට්ස් සහ ස්ටීව් හෆ්මන් සමඟ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් ලෙස රෙඩිට් ජාලය ආරම්භ කළේය.ඔහු 2018 දී දෛනික රාජකාරිවලින් ඉවත් වූ නමුත් මේ වන තෙක් සමාගමේ ඔහු වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අසුනක් වෙන් වී ඇත.

එහෙත් ජාතිවාදී අන්තර්ගතයන් ප්‍රවර්ධනය කරන සංසද සඳහා සත්කාරකත්වය සැපයීම හේතුවෙන් රෙඩිට් සමාජ ජාලයට චෝදනා එල්ල වී ඇත. සමාගම විසින් r / blackpeoplehate සහ alt-right r / MillionDollarExtreme වැනි සංසද තහනම් කර ඇත. එමෙන්ම ට්‍රම්ප් ගැති සංසදයක් වන r / TheDonald, සංසදය තහනම් කර ඇත. වෙබ් අඩවි සෙවීම් හෝ නිර්දේශයන්හි එහි අන්තර්ගතය නොපෙන්වන බවට රෙඩිට් සමාගම සහතික කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි