×

චීනයෙන් කලාපීය හිමපතන අනතුරු ඇඟවීම් නිකුත් වෙයි!

වර්තමාන ගෝලීය උණුසුම්කරණ දේශගුණයට පටහැනිව ශීත හිමපතන දේශගුණයක් කලාපය ගොදුරු කර ගැනීමේ අවදානමක් පවතින බව චීන කාලගුණ විද්‍යාඥයින් පිරසක් අනතුරු අඟවයි.


පසුගිය සතිය තුළ චීන කාලගුණ විද්‍යාඥයින් පිරිසක් විසින් අස්වාභාවික අනතුරු ඇඟවීමක් සිදුකරන ලදී. මෙම අනතුරු ඇඟවීමෙන් කියවෙන්නේ වර්තමාන ගෝලීය උණුසුම්කරණ දේශගුණයට පටහැනිව ශීත හිමපතන දේශගුණයක් කලාපය ගොදුරු කර ගැනීමේ අවදානමක් පවතින බවයි.

මෙම පුවත ඇසීමත් සමඟ චීන වාසීහු කලබල නොවූයේ නම් පුදුමයකි.

Chinese Academy of Sciences නම් විද්‍යාතනයේ කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට ඉදිරි වසර 500 ක කාලසීමාව තුළ දේශගුණ චක්‍ර ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමෙන් හෙලිදරව් වී ඇත්තේ, උතුරු චීනය ගෝලීය උණුසුම්කරණයට වඩා ශීත හිමපතන දේශගුණයකට ලක්වීමේ අවදානමක් ඇති බවයි.

Asia Times ප්‍රවෘත්ති සේවය පවසන අන්දමට, චීනයේ මෙම ශීත දේශගුණ අවදානමට ලක්ව සිටින වැසියන් වර්තමාන උණුසුම් දේශගුණය අභිබවා යමින් ඇතිවිය හැකි අනපේක්ෂිත ශීත සෘතුවකට සූදානම් වී සිටීම යෝග්‍ය බවට එම විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.

මෙම කාලගුණ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥවරිය වන වු ජිං පවසා සිටියේ, උතුරු චීනයේ සිදුවන හරිතාගාර වායු විමෝචනය තුළ ඇතිවන දේශගුණ විපර්යාස මිනිසුන් හට සෘජුවම බලපාන මුත්, වර්තමානයේ සූර්‍යයා පොළව දෙසට යොමුවී ඇති ආකාරය හා එය සාගරයට දිශානුගත වී ඇති ආකාරය තුළින් පෘථිවි වායුගෝලයේ ඉදිරි වසර 100 ක කාලය තුළ ගෝලීය උණුසුම පහව ගොස් අධික ශීත කාලගුණයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි