×

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න:ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙමින් කියයි!

විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වසර 4කට පසු සිය ධුර කාලය අවසන් කර ධවල මන්දිරයට සමුදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වේ


රෂිකා හෙන්නායක , ජනවාරි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වසර 4කට පසු සිය ධුර කාලය අවසන් කර ධවල මන්දිරයට සමුදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

විශාල කනස්සල්ලක් ඇති කරන ඇතැම් දේවල් ගැන රටට අනතුරු ඇගවීමට අවශ්‍ය බව අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය අමතමින් ඔහු කියා සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි. බලය සහ ලාභ ප්‍රයෝජන තකා සමාජ මාධ්‍ය පවසන බොරුවලින් සත්‍ය යටපත්වී ඇති බව ඔහු පැවසූ බවද සඳහන් වේ.

https://youtube.com/watch?v=M_9TqpaTg9I%3Ffeature%3Doembed
https://youtube.com/watch?v=M_9TqpaTg9I%3Ffeature%3Doembed

අපගේ දරුවන් අපගේ පවුල් සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට සඳහා සමාජ වේදිකා වගකිව යුතු බව ද ඔහු පවසා තිබෙන බවද එම මාධ්‍ය වාර්තා කරයි. තමන් බීජ රෝපණය කර ඇති අතර ඒවා වර්ධනය වී දශක ගණනාවක් තිස්සේ මල්පිපෙනු ඇතැයි ඔහු සිය සමුගැනිමේ දේශනය අතරතුර සඳහන් කර තිබෙන බව සඳහන් වේ .

එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ඔහු තමන් ඇමෙරිකාවට ආදරය කරන බව ද වැඩි දුරටත් ප්‍රකාශ කළ බවයි.

facebook sharing button 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි