×

2022 පාපන්දු ලෝක කුසලානයට සූදානම් වන කටාරයේ උෂ්ණත්වය හේතුවෙන් ශ්‍රමිකයන් සිය ගණනක් වසරකට මියයයි

.


ද ගාර්ඩියන් පුවත් පත විසින් පළ කර ඇති ගවේෂණාත්මක වාර්ථාවක් අනාවරණය කරන්නේ කටාර් රාජ්‍යයේ සේවය කරන විදෙස් ශ්‍රමිකයන් සිය ගණනක් වාර්ශිකව උණුසුම් කාලගුණය හේතුවෙන් මිය යන බවයි.

මෙවර ග්‍රීෂ්ම සෘතුව අනෙක් වසර වලට වඩා සේවකයන්ට අපහසු කාලයක් වී ඇත්තේ 2022 වසරේ පාපන්දු ලෝක කුසලානය සදහා කටාරය සූදානම් වන බැවින් දවසේ පැය දහයක් වැනි කාලයක් සෙල් සියස් අංශක 45ක උෂ්ණතිවයක් යටතේ සේවය කරන්නට සිදුව තිබෙ බැවිනි.
පසුගිය වසර 9ක කාලය තුළ සංඛ්‍යා ලේඛන ගෙන හැර දක්වමින් ගාඩියන් වාර්ථාව පෙන්වා දෙන්නේ  ආයතන වෙත නවා ඇති සීමාවන් පැවතුනද සේවකයන් ආරක්ෂිත තත්ත්වයක නොමැති බවයි. එවැනි දැඩි උණුසුමක් යටතේ සේවය කිරීම පුද්ගලයන්ගේ හෘදවාහානී පද්ධතියට අයහපත් ලෙස බලපාන අතර ඒ හේතුවෙන් වාර්ෂිකව මෙසේ විශාල සංඛ්‍යාවක ශ්‍රමිකයන් මිය යයි. මෙසේ මෙතක් මිය ගෝස් ඇති සේවකයන්ගේ වයස් ප්‍රමාණය වී ඇත්තේ වයස අවුරුදු 25ත් 35ත් අතර පිරිසයි. ගාඩියන් වාර්ථි පෙන්වා දෙන්නේ මෙසේ මිය යන පිරිසගේ මරණය හෘධයාබාධ හේතුවෙන් සිදු වුවත් එය දැඩි උෂ්ණත්වයේ බලපෑම මත සිදුවන බවයි. නමුත් කටාරයේ බලධාරීන් මෙම මරණ හදුන් වන්නේ ස්වාභාවික මරණයන් ලෙසයි.

2009 සහ 2017 අතර කාලය තුළ කටාරය තුළ මිය ගිය නේපාල ජාතික ශ්‍රමිකයන් සංඛ්‍යාව 1300ක් වන අතර ඒ පිළීබදව සිදු කළ පර්යේෂණයක් විසින් අනාවරණය කරන්නේ ශ්‍රීත සමායේදී එම මරණ සංඛ්‍යාවෙන් සියයට 22ක් සහ ග්‍රීෂ්ම සෘතුවේදී 58% සිදුව ඇති බවයි.
2022 පාපන්දු ලෝක කුසලානයත් සමග කටාරයේ විදෙස් ශ්‍රමිකයන් සංඛ්‍යාව මිලියන 1.9කින් ඉහළ ගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාවන් නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය ඉන්දියාව  යන රටවලින් ආනයනය කර ඇත. විශේෂයෙන්ම ක්‍රිඩාංගන ඉදිකිරීමේ කටයුතු වල මොවුන්ව යොදවනු ලබයි.

Silence is argument carried out by other means.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි