×

වියට්නාම වැසියන්ගේ කුසගිනි නිවන සහල් ATM යන්ත්‍ර:

මෙම "සහල් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර" නැතහොත් සහල් ඒටීඑම් යන්ත්‍ර වියට්නාමය පුරා පිහිටුවා ඇත්තේ කොරෝනා වෛරස් වසංගතයේදී අවශ්‍ය අයට උපකාර කිරීම සඳහා ය.


නොමිලේ සහල් ලබා දෙන යන්ත්‍ර – එය පුදුමය දනවන සුළු දෙයකි. නමුත් මෙම ” ස්වයංක්‍රීය සහල් ටෙලර් යන්ත්‍ර” නැතහොත් සහල් ඒටීඑම් යන්ත්‍ර වියට්නාමය පුරා පිහිටුවා ඇත්තේ කොරෝනා වෛරස් වසංගතයේදී අවශ්‍ය අයට උපකාර කිරීම සඳහා ය.

වියට්නාමයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 265ක් වාර්තා වී ඇති අතර එක මරණයක්වත් වාර්තා වී නොමැත. එය ලෝකයේ සෙසු රටවලට වඩා සැලකිය යුතු ලෙස අඩුය.

එහෙත්, තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් සමාජ දුරස්ථභාවය පිලිබද නීති බලාත්මක කර ඇති අතර කුඩා ව්‍යාපාර බොහොමයක් වසා දමා දහස් ගණනක් රැකියා වලින් ඉවත් කර ඇත.

ආදායමක් නොමැති මෙම පුද්ගලයින් සඳහා, ව්‍යාපාරිකයින් සහ පරිත්‍යාගශීලීන් ගේ ධන පරිත්‍යාගයෙන් වියට්නාමය පුරා නගර කිහිපයක නොමිලේ සහල් බෙදා හැරීමේ යන්ත්‍ර සකස් කර ඇත. හැනෝයි හි විශාල ජල ටැංකියක අඩංගු කර්ස් ඇති සහල් ටොන් ගණනක් උදේ 8 සිට පස්වරු 5 දක්වා මෙසේ අසරණ වූ ජනතාවගේ සහල් අවශ්‍යතා සපුරාලයි.

සහල් ලබා ගැනීමට පේළියේ රැඳී සිටින අය එකිනෙකාගෙන් අඩි හයක් ඈතින් සිටගෙන සිටිය යුතු බවත් සහල් ලබා ගැනීමට පෙර ඔවුන් අත් සේදීමට සනීපාරක්ෂක යන්ත්‍ර භාවිතා කළ යුතු බව ප්‍රාදේශීය පුවත්පතක් වන හැනෝයි ටයිම්ස් වාර්තා කරයි.

මධ්‍යම නගරයේ හියු හි සහල් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් ප්‍රදේශවාසීන්ට නොමිලේ සහල් කිලෝග්‍රෑම් 2 ක (රාත්තල් 4.4) බැඟින් ලබා දේ. හෝ චි මිං නගරයේ සහල් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මඟින් සහල් 24/7 බෙදා හරිනු ලැබේ. ඩෑ නන්ග් හි සහල් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර දෙකක් ලබන සතියේ පිහිටුවන බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි