×

ආහාර සඳහා වන අයිතිය නීතිගත කරන්නැයි ස්කොට්ලන්ත රජයට යෝජනා.

කරුණු ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී ජූඩිත් රොබට්සන් පවසන්නේ අන්තර්ජාතික නීතිය තුළ ස්කොට්ලන්ත රජය විසින් මෙවැනි නීතියක් ස්ථාපිත කිරීම අනිවාර්ය බවයි.


ආහාර සදහා ඇති අයිතිය මානව හිමිකමක් ලෙස ස්කොට්ලන්තය විසින් නීති ගත කළ යුතු බවට යෝජනා වී ඇත. ඒ වර්ධනය වන ජනතා අනාරක්ෂිත බවද සමගිනි.
ස්කොට්ලන්ත මානව හිමිකම් කොමිසම පවසන්නේ මෙසේ ආහාර සදහා වන අයිතිය මානව හිමිකමක් ලෙස නීතිගත කිරීම තුළ සමාජ අසමානතාව දුරු වන බවයි. ස්කොට්ලන්ත රජයේද සකස් කළ මේ පිළබදව වාර්ථාව දක්වා ඇත්තේ “good food nation” බිහි කිරීම නමිනි.

මානව හිමිකම් කොමිසම පවසන පරිදි ආහාර සදහා වන අයිතිය යටතට ආහාර වෙත ලගා වීමට ඇති අයිතිය, සුදුසු සහ ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට ඇති අයිතිය, සෑම දෙනෙක් හටම ආහාර පැවතීම ආදී කරුණු අයත් වේ. ස්කොට්ලන්තයේ සියළු ජනයා හට මෙම අයිතීන් ආරක්ෂා නොවන බව මෙම වාර්ථාව මගින් තහවුරු කර ඇත.
ඒ අනුව ආහාර සම්බන්ධ අනාරක්ෂිත භාවය අනපේක්ෂි ලෙස ඉහළ මට්ටමක පවතී, 2017 සිට 2018 වසර අතර කාලය තුළ ආහාර අරමුදල් විසින් ජනතාව වෙත හුවමාරු කොට ඇති ආහාර පාර්සල් සංඛ්‍යාව 480500කි. එමෙන්ම දරුවන් සදහා පෝෂණීය මෙන්ම සෞඛ්‍යසම්පන්න ආහාර වෙත ලගා වීමේ පවතින දුෂ්කරතාව ලෙසද මෙහිදී අවධානය යොමු කර ඇත.

මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී ජූඩිත් රොබට්සන් පවසන්නේ අන්තර්ජාතික නීතිය තුළ ස්කොට්ලන්ත රජය විසින් මෙවැනි නීතියක් ස්ථාපිත කිරීම අනිවාර්ය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි