×

එදා බොලිවුඩයේ රොමාන්තිකයා රිෂි කපූර් ජීවිතයට සමුදෙයි

කපූර් රංගන පරපුරේ නොමැකෙන කොටසක් වූ ඔහු හින්දි සිනමා ඉතිහාසායේ කැපී පෙනෙන මෙන්ම දීර්ඝකාලීන ආධිපත්‍යයේ හිමිකරුවෙක් විය.


 

හින්දි සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වූ රිෂි කපූර් ජීවිතයෙන් සමුගත් බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. ඒ ඔහුට වයස අවුරුදු 67 දීය. පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් කාලයක් තිස්සේ පීඩා විදි ඔහු ඒ හේතුවෙන් මිය ගිය බව වාර්ථා වේ.

කපූර් රංගන පරපුරේ නොමැකෙන කොටසක් වූ ඔහු හින්දි සිනමා ඉතිහාසායේ කැපී පෙනෙන මෙන්ම දීර්ඝකාලීන ආධිපත්‍යයේ හිමිකරුවෙක් විය.

1973 වසරේදී බොබී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවමින් තරුණ නළුවෙකු ලෙස රංගන දිවියට පිවිසි ඔහු එවකට නව යොවුන් වියේ තරුණ තරුණීයන්ගේ සිහින කුමරි බවට පත්විය. එමෙන්ම රිෂි කපූර් 1970 දී ළමා නළුවෙකු ලෙස ඔහුගේ පියා රාජ් කපූර්ගේ චිත්‍රපටය වන මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙන්ද රංගනයෙන් දායක විය.
දශක දෙකකට අධික කාලයක් චිත්‍රපට රැසක ප්‍රේමාන්විත චරිතය රගපෑ රිෂි කපූර් පසු කාලීනව ඉන් ඔබ්බට ගොස් වෙනස් චරිත නිරූපණයන් සදහා එක් විය. 1980 සහ 90 දශකවල ඔහුගේ චිත්‍රපට කිහිපයක් – කෙල් කෙල් මෙයින්, කාර්ස් සහ චාන්දනී – බොක්ස් ඔෆිස් හි අතිවිශාල ජනප්‍රියත්වයට පත්විය.
දක්ෂ නර්තන ශිල්පියෙකු නිසාම ඔහුගේ ඇතැම් චිත්‍රපට ගීත අදටත් විශාල ජනප්‍රියත්වයක් උසුලයි.

කපූර් නිළියක් වන නීතු සිං සමඟ තිරයේ සාර්ථක රංගන යුවලක් නිර්මාණය කළේය. 1980 දී සිදු වූ ඔවුන්ගේ විවාහය සමග බොලිවුඩයේ වඩාත්ම කල් පවත්නා ආදර කතාව නිමාවී එය සැබෑ ජීවිතය දක්වා පරිවර්ථනය විය.

වත්මන් බොලිවුඩයේ සුපිරි තරුව රන්බීර් කපූර් ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා ලෙස මේ වන විට පියාගේ අඩුව පුරවමින් සිටී,

ඊයේ දින සිදු වූ සුපිරි නළු ඉර්ෆාන් ඛාන් ගේ සමුගැන්මෙන් දිනකට පසු සිදු වූ ඔහුගේ වියෝව සිදු විය.
2018 වසරේදී ඔහුට ලියුකේමියා රෝගය වැළදී ඇති බව හෙළි වූ අතර වසරක කාලයක් නිවුයෝර්ක් හී ප්‍රතිකාර ගැනීමෙන් පසු ඔහු පසුගිය සැප්තැම්බරයේ සිට ඉන්දීය රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියේය.

 

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි