×

තමා ගත් තීරණයක් ගැන එංගලන්තේ නව අගමැති පසුතැවීමෙන්!

ආණ්ඩුවට නයිට් පදවියක් හිමි ගැවින් විලියම්සන් කැප නැතිම සෙයකි..


බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක් විසින් ගැවින් විලියම්සන් නැමැත්තා තම රජයේ කැබිනෙට්ටුවට පත් කිරීම පිළිබඳ සිය පසුතැවීම ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මීට හේතුව නම් එම පුද්ගලයා කාර්යාල නිලධාරීන්ට කෙණහිලිකම් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබීමයි.

ගැවින් විලියම්සන් නැමැත්තා රිෂී සුනාක් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් කාර්යාලයේ කිනිෂ්ඨ අමාත්‍යවරයකු ලෙස පත්කරන ලද අතර, ඔහු කාර්යාල නිලධාරීන්ට කෙණහිලිකම් කරන ලද බවට චෝදනා එල්ල වී තිබීම මත ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකෙරිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඊයේ (08) දින පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියේ, ඉහත කී පසුබිම තුළ ඉල්ලා අස්වීමට සිදුවූ පුද්ගලයකු අමාත්‍යවරයකු ලෙස පත් කිරීම පිළිබඳ තමා පසුතැවීමට ලක්වන බවයි.

ගැවින් විලියම්සන් | ඡායාරූපය: REUTERS

ගැවින් විලියම්සන් ට එල්ල වූ චෝදනාව කුමක්ද?

බ්‍රිතාන්‍ය රජයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකට අසැබි වචනයෙන් යුතු පණිවිඩ යැවූ බවට ගැවින් විලියම්සන් නැමැත්තාට චෝදනා එල්ල වූ අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කර තිබේ. ගැවින් විලියම්සන් නැමැත්තා මීට ඉහත දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හෙබවූ පුද්ගලයකු වන අතර, ඔහුට මීට වසර කිහිපයකට ඉහතදී ද පුද්ගලයන්ට කෙණහිලිකම් කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

උක්ත චෝදනාව එල්ල වීම සමඟ තමා පත්කළ කනිෂ්ඨ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට ගැවින් කටයුතු කර තිබිණි. ඔහු පවසා සිටියේ තමා කිසිවකුට කෙණහිලිකම් නොකළ බවත්, තමා ඉල්ලා අස්වන්නේ මෙම චෝදනා රජයේ වැඩපිළිවෙල පවත්වාගෙන යාමට බාධාවක් වන නිසා බවත් ය.

ගැවින් විලියම්සන් නැමැත්තාට ලබා දුන් කනිෂ්ඨ අමාත්‍යංශයට අදාළව පැහැදිලිව නිර්වචනය කළ විෂයය පථයක් තිබී නැති බව ද වාර්තා වේ.

ගැවින් විසින් මීට ඉහත බ්‍රිතාන්‍ය රජයේ ඉහළ නිලතල අවස්ථා දෙකකදී දරා ඇත. 2019 දී ආරක්ෂක ලේකම්ධුරය හොබවා ජාතික ආරක්ෂා කවුන්සිලයේ තොරතුරු පිටතට ලබාදීමේ චෝදනාව මත ඔහු ධුරයෙන් නෙරපා හරිනු ලැබ ඇති අතර, ඉන් අනතුරුව අධ්‍යාපන ලේකම්ධුරය ද හෙබවූ ගැවින් හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් රජයේ ඉහළ තනතුරු සංශෝධනය කිරීම හරහා එම තනතුර ද අහිමි කර ගත්තේය.

ගැවින් විලියම්සන් නැමැත්තා නයිට් පදවියක් හිමි බ්‍රිතාන්‍ය පුරවැසියකු වීම ද විශේෂත්වයකි.

ඡායාරූප: INDEPENDENT / REUTERS



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි