×

මුගාබේ ජීවිතයෙන් සමුගනී !

.


නිදහස ලැබූ පසු සිම්බාබ්වේ ප්‍රථම ජනපති වරයා බවට පත් වූ සිම්බාබ්වේ රොබට් මුගාබේ සිය ජීවිතයෙන් සමුගත්තේය.

මිය යන විට ඔහුට වයස අවුරුදු 95කි. 2017 වසරේ නොවැම්බර් මස හමුදා ක්‍රමන්ත්‍රණයක් මගින් ඔහුට ජනපතිධූරය අහිමි කරන විට ඔහු දශක ගණනාවක් සිම්බාබ්වේ පාලකයා ලෙස කටයුතු කර තිබිණි.

සිම්බාබ්වේ රාජ්‍ය යටත්විජිතයක්ව පැවත නිදහස ලැබීමෙන් පසුව පැවති ප්‍රථම මැතිවරණයෙන්ම ජයගත් රොබට් මුගාබේ අගමැති ධූරයට මුලින්ම පත් වූයේ 1980 වසරේදීය. ඉන්පසු අගමැති ධූරයෙන් ඉවත්ව 1987 වසරේ ජනපති ධූරයට පැමිණි ඔහු එතැන් සිට 2017 වසර තෙක් සිම්බාබ්වේ පාලකයා ලෙස කටයුතු කරන ලදී.

ජනපතිධූරයට පත්ව මුල් කාලීන්ව එරට කළු ජාතිකයන් ගේ සුබසිද්ධීය වෙනුවෙන් සැළකිය යුතු සේවයක් ඔශුගෙන් ඉටු විය සෞඛ්‍ය හා අධ්‍යාපනය සංවර්ධනය කිරීම ඒ අතර ප්‍රධාන වේ. නමුත් පසු කාලීනව ආර්ථික බිද වැටීම් දූෂණ චෝදනා සහ මතභේදයට තුඩු දුන් ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හේතුවෙන් ඔහුව විවේචනයට සහ ප්‍රතික්ෂේපයට ලක් විය.
මුගාභේගේ මරණය වෙනුවෙන් ඔහුට පසු ජනපතිධූරයට පත් වූ වත්මන් ජනපති එමර්සන් මන්නන්ග්වා සිය ශෝකයත් කණගාටුවත් ඔහුවෙනුවෙන් ප්‍රකාශ කරයි.
ඔහු මුගාබේව හදුන්වන්නේ විමුක්තියේ සංඛේතය සහ නිදහස් සිම්භාබ්වේ නායකයා ලෙසයි.

1924 පෙබරිවාර මස 21 වන දින ඔහු උපත ලැබීය. ඒ වන විට සිම්බාබ්වේ හදුන්වන ලද්දේ රොඩේසියාව නමිනි. රොඩේසියානු රජය විවේචනය කිරීමේ වරදට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව 1964 වසරේ සිට දශකයකට අධික කාලයක් ඔහුව සිර ගතකෙරිණි.

1973 වසරේ සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා පත් කරගනු ලැබුවේ ඔහු සිරගතව සිටියදීමය.

සිරගතව සිට නිදහස ලැබූ පසු කැරළි කණ්ඩායමකට නායකත්වය දුන් මුගාබේ ගරිල්ලා නායකයෙකු ලෙසද කැපීපෙනෙන චරිතයක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි